යෙසායා 51:4-6 - Compare All Versions
යෙසායා 51:4-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මගේ ජනයිනි, මට අවධානය යොමන්න; මගේ ජාතිකයිනි, මට කන් දෙන්න: ව්‍යවස්ථාව, මා වෙතින් පිටත් ව යයි. ජාතීනට එළියක් පිණිස මම මගේ යුක්තිය, පිහිටුවමි. මගේ ධර්මිෂ්ඨකම, ළඟා වෙයි. මගේ ගැලවීම, පිටත් ව ගොසිනි. මගේ බාහුව, ජනයින් විනිශ්චය කරනු ඇත. වෙරළබඩ දිවයින් මා ගැන බලා හිඳියි. මගේ බාහුව බලාපොරොත්තුවෙන් බලා හිඳියි. අහස දෙසට ඔබේ ඇස් ඔසවන්න. පහළ පොළොව දෙස බලන්න. මන්ද දුමක් පරිදි අහස නො පෙනී යනු ඇත. ඇඳුමක් පරිදි පොළොව අබලන් ව, ගෙවී යනු ඇත. එහි වෙසෙන්නන් මැස්සන් සේ මැරී යනු ඇත. එහෙත් මගේ ගැලවීම සදහට පවතී. මගේ ධර්මිෂ්ඨකම කිසි දා නො වරදී.
යෙසායා 51:4-6 SROV (Sinhala Revised Old Version)
මාගේ සෙනඟෙනි, මට ඇහුම්කන්දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි. මාගේ ධර්මිෂ්ඨකම ළංව තිබේ, මාගේ ගැළවීම පිටත්ව ගියේය, මාගේ හස්තයන්ද ජනයන් විනිශ්චයකරනවා ඇත; ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත. නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.
යෙසායා 51:4-6 NRSV (Sinhala New Revised Version)
මාගේ සෙනඟෙනි, මට සවන් දෙන්න. මාගේ ජනයෙනි, මා කෙරෙහි කන් යොමු කරන්න. ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත් වන්නේ ය. මාගේ සාධාරණකම ජාතීන්ට එළියක් වන්නේ ය. ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි. මාගේ ජයග්‍රහණය ආසන්න ය. මම ම ජාතීන් පාලනය කරන්නෙමි. ඈත රටවල් මා එන තෙක් බලා සිටියි. මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති. නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න. පහළ පොළොව දෙස බලන්න. අහස දුම මෙන් පහ වී යන්නේ ය; පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය. එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය. එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය. මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.
යෙසායා 51:4-6 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 51:4-6 NIV (New International Version)
“Listen to me, my people; hear me, my nation: Instruction will go out from me; my justice will become a light to the nations. My righteousness draws near speedily, my salvation is on the way, and my arm will bring justice to the nations. The islands will look to me and wait in hope for my arm. Lift up your eyes to the heavens, look at the earth beneath; the heavens will vanish like smoke, the earth will wear out like a garment and its inhabitants die like flies. But my salvation will last forever, my righteousness will never fail.