යෙසායා 49:5
යෙසායා 49:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මම ගෞරවයට පාත්ර වූ බැවින් ද, මගේ දෙවියන්වහන්සේ මගේ ශක්තිය වන බැවින් ද, තමන්වහන්සේ වෙත යාකොබ් ආපසු ගෙන එන්නටත්, ඉශ්රායෙල් තමන් වෙතට එක් රැස් කර ගැනීමටත් ස්වකීය සේවකයා වන පිණිස, මවු කුස තුළ මා සෑදූ ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක
බෙදාගන්න
යෙසායා 49 කියවන්නයෙසායා 49:5 Sinhala Revised Old Version (SROV)
ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්රායෙල්වරුන් තමන් වෙතට රැස්කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙක් කරගත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක: [මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට ගෞරව ඇත්තේය, මාගේ දෙවියන්වහන්සේ මාගේ බලයව සිටිනසේක.]
බෙදාගන්න
යෙසායා 49 කියවන්නයෙසායා 49:5 Sinhala New Revised Version (NRSV)
මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක. සමිඳාණෝ මට ගෞරවය දෙන සේක. එතුමාණෝ මාගේ ශක්තිය වන සේක.
බෙදාගන්න
යෙසායා 49 කියවන්න