යෙසායා 49:22-23
යෙසායා 49:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මෙන්න! මම ජාතීන්ට මගේ අත ඔසවන්නෙමි. ජනී ජනයාට මම මගේ සංඥාව ඔසවන්නෙමි. එවිට ඔවුහු ඔබේ පුතුන් වඩාගෙන එන්නෝ ය; ඔබේ දූවරුන් තම කරපිටින් ගෙනෙන්නෝ ය. රජුන්, ඔබ හදා-වඩන පියවරුන් වනු ඇත. ඔවුන්ගේ බිසවුන් ඔබට කිරි මවුවරුන් වනු ඇත. ඔවුන් ඔබ ඉදිරියෙහි මුහුණු බිම ඔබා, වැඳ වැටෙනු ඇත. ඔවුන් ඔබේ පා දූවිලි ලෙවනු ඇත. ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත. මා තුළ බලාපොරොත්තු තබන අයගේ බලාපොරොත්තු නො බිඳේ.”
යෙසායා 49:22-23 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ජාතීන්ට මාගේ අත ඔසවා, ජනයන්ට මාගේ කොඩිය නඟන්නෙමි. ඔව්හු නුඹේ පුත්රයන් වඩාගෙන එන්නෝය, නුඹේ දූවරුද ඔවුන්ගේ කර පිට ගෙනෙනු ලබන්නෝය. රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
යෙසායා 49:22-23 Sinhala New Revised Version (NRSV)
මහෝත්තම දෙවි සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මම මාගේ හස්තය ජාතීන් මත ඔසවා සලකුණකින් සෙනඟට සංඥා කරන්නෙමි. ඔව්හු නුඹේ පුත්රයන් වඩාගෙන එන්නෝ ය. නුඹේ දූවරු ද ඔවුන්ගේ කරපිට ගෙනෙනු ලබන්නෝ ය. රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
යෙසායා 49:22-23 Sinhala New Revised Version 2018 (SNRV)
මහෝත්තම දෙවි සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මම මාගේ හස්තය ජාතීන් මත ඔසවා සලකුණකින් සෙනඟට සංඥා කරන්නෙමි. ඔව්හු නුඹේ පුත්රයන් වඩාගෙන එන්නෝ ය. නුඹේ දූවරු ද ඔවුන්ගේ කරපිට ගෙනෙනු ලබන්නෝ ය. රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
යෙසායා 49:22-23 New International Version (NIV)
This is what the Sovereign LORD says: “See, I will beckon to the nations, I will lift up my banner to the peoples; they will bring your sons in their arms and carry your daughters on their hips. Kings will be your foster fathers, and their queens your nursing mothers. They will bow down before you with their faces to the ground; they will lick the dust at your feet. Then you will know that I am the LORD; those who hope in me will not be disappointed.”