යෙසායා 49:13-16
යෙසායා 49:13-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සතුටින් ගී ගයන්න එම්බා ස්වර්ගයෙනි, එම්බා පොළොව, ප්‍රීති ප්‍රමෝද වන්න. එම්බා කඳු, ගී ගැයුම් පටන් ගන්න. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයාට සැනසිල්ල සලසන සේක. පීඩා ලද තම ජනයාට අනුකම්පා කරන සේක. එහෙත් සියොන කීවේ, “ස්වාමින්වහන්සේ මා අත් හළ සේක. මගේ ස්වාමින් මා අමතක කළ සේක” කියා ය. “තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද? තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද? මොවුන් අමතක කළා වුව ද, මා නුඹලා අමතක කරන්නේ නැත. මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි. ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය.
යෙසායා 49:13-16 Sinhala Revised Old Version (SROV)
ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක. නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය. ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි. බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.
යෙසායා 49:13-16 Sinhala New Revised Version (NRSV)
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක. එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ. සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි. එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.
යෙසායා 49:13-16 Sinhala New Revised Version 2018 (SNRV)
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක. එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ. සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි. එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.
යෙසායා 49:13-16 New International Version (NIV)
Shout for joy, you heavens; rejoice, you earth; burst into song, you mountains! For the LORD comforts his people and will have compassion on his afflicted ones. But Zion said, “The LORD has forsaken me, the Lord has forgotten me.” “Can a mother forget the baby at her breast and have no compassion on the child she has borne? Though she may forget, I will not forget you! See, I have engraved you on the palms of my hands; your walls are ever before me.