යෙසායා 49:1-2
යෙසායා 49:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා දූපත්නි, මට සවන් දෙන්න. දුරස්ථ ජනයිනි, අවධානය දෙන්න. ගර්භාශයේ මා සිටියදී, ස්වාමින්වහන්සේ මා කැඳවූ සේක. මවු කුස තුළ සිටියදී, උන්වහන්සේ මගේ නම සඳහන් කළ සේක. උන්වහන්සේ මගේ මුඛය තියුණු කඩුවක් සේ කළ සේක. ස්වකීය හස්ත-සෙවණැල්ලෙහි මා සැඟ වූ සේක. ඔප දැමූ හීයක් බවට මා පත් කළ උන්වහන්සේ, තම හී කොපුවෙහි මා සැඟ වූ සේක.
යෙසායා 49:1-2 Sinhala Revised Old Version (SROV)
ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක. උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා
යෙසායා 49:1-2 Sinhala New Revised Version (NRSV)
මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක. එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
යෙසායා 49:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක. එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
යෙසායා 49:1-2 New International Version (NIV)
Listen to me, you islands; hear this, you distant nations: Before I was born the LORD called me; from my mother’s womb he has spoken my name. He made my mouth like a sharpened sword, in the shadow of his hand he hid me; he made me into a polished arrow and concealed me in his quiver.