යෙසායා 49:1-18 - Compare All Versions

යෙසායා 49:1-18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එම්බා දූපත්නි, මට සවන් දෙන්න. දුරස්ථ ජනයිනි, අවධානය දෙන්න. ගර්භාශයේ මා සිටියදී, ස්වාමින්වහන්සේ මා කැඳවූ සේක. මවු කුස තුළ සිටියදී, උන්වහන්සේ මගේ නම සඳහන් කළ සේක. උන්වහන්සේ මගේ මුඛය තියුණු කඩුවක් සේ කළ සේක. ස්වකීය හස්ත-සෙවණැල්ලෙහි මා සැඟ වූ සේක. ඔප දැමූ හීයක් බවට මා පත් කළ උන්වහන්සේ, තම හී කොපුවෙහි මා සැඟ වූ සේක. උන්වහන්සේ කතා කොට, “මගේ සේවකයා ඔබයි ඉශ්‍රායෙල්, නුඹ තුළින් මම තේජසට පත් වන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මා කීවේ, “නිකරුණේ මම වෙහෙසුණෙමි. මගේ ශක්තිය වැඩකට නැතිව නිෂ්ඵල ව වැය කළෙමි. එසේ වුව ද මගේ හිමිකම ස්වාමින්වහන්සේ සමඟ ය. මගේ ඉටු විපාකය මගේ දෙවියන්වහන්සේ සමඟ ය” කියා ය. ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මම ගෞරවයට පාත්‍ර වූ බැවින් ද, මගේ දෙවියන්වහන්සේ මගේ ශක්තිය වන බැවින් ද, තමන්වහන්සේ වෙත යාකොබ් ආපසු ගෙන එන්නටත්, ඉශ්‍රායෙල් තමන් වෙතට එක් රැස් කර ගැනීමටත් ස්වකීය සේවකයා වන පිණිස, මවු කුස තුළ මා සෑදූ ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක: උන්වහන්සේ මෙසේ කියන සේක: “යාකොබ් ගෝත්‍ර වංශ යළි නගා සිටුවීමටත්, මවිසින් ආරක්ෂා කරන ලද ඉශ්‍රායෙල්වරුන් ආපසු ගෙන ඒමටත්, මගේ සේවකයා වීම ඔබට ඉතා සුළු කරුණෙකි. පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.” ඉශ්‍රායෙල්ගේ මිදුම්කරුවාණන් ද ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නේ, තම ජාතිය විසින් ගර්හා කොට, පිළිකුල් කරන ලද්දාවූත්, පාලකයින්ගේ සේවකයා වූත් තැනැත්තාට ය: “රජවරුන් දැක, නැගිට සිටිනු ඇත. අධිපතීන් ද දැක, වැඳ වැටෙනු ඇත. මන්ද ඔබ තෝරා ගෙන ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වූ විශ්වසනීය ස්වාමින්වහන්සේ වන බැවිනි.” ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ප්‍රසාදයේ කාලයකදී මම ඔබට පිළිතුරු දුනිමි. ගැලවීමේ දවසේදී මම ඔබට උපකාර කළෙමි. මම ඔබ ආරක්ෂා කරමින්, ජනතාවට ගිවිසුමක් වශයෙන් දෙන්නෙමි. එසේ කරන්නේ, දේශය පිළිසකර කරන්නටත්, එහි පාළු උරුමය යළි පවරා දීමටත්, සිරකරුවන්ට, ‘පිටතට එන්න!’ කියා ද අඳුරෙහි සිටින්නන්ට ‘පෙනී සිටින්න’ කියා ද කියන්නටත් ය. “මග දිගට ම ඔවුන්ට අහර ලැබේ. විවෘත සියලු උස් බිම් ඔවුන්ගේ ගොදුරු බිම් වනු ඇත. ඔවුනට සාගිනි වන්නේවත්, පිපාස වන්නේවත් නැත. කාන්තාර ගිනියම හෝ හිරු ඔවුනට පීඩා කරන්නේ නැත. මන්ද ඔවුනට අනුකම්පා කරන තැනැන්වහන්සේ ඔවුනට මග පෙන්වමින් දිය උල්පත් ඔස්සේ ඔවුන් ගෙන යන සේක. මගේ සියලු කඳු මම පාරක් කරන්නෙමි. මගේ මහ මාර්ග ද ඉදි කෙරෙනු ඇත. බලනු! මේවා එන්නේ ඈත එපිට සිට ය. බලන්න, මේවා උතුරේ සිට ය. මේවා බටහිර සිට ය. මේවා සීනීම් දේශයේ සිට ය.” සතුටින් ගී ගයන්න එම්බා ස්වර්ගයෙනි, එම්බා පොළොව, ප්‍රීති ප්‍රමෝද වන්න. එම්බා කඳු, ගී ගැයුම් පටන් ගන්න. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයාට සැනසිල්ල සලසන සේක. පීඩා ලද තම ජනයාට අනුකම්පා කරන සේක. එහෙත් සියොන කීවේ, “ස්වාමින්වහන්සේ මා අත් හළ සේක. මගේ ස්වාමින් මා අමතක කළ සේක” කියා ය. “තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද? තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද? මොවුන් අමතක කළා වුව ද, මා නුඹලා අමතක කරන්නේ නැත. මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි. ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය. ඔබේ දරුවෝ කඩිනමින් ආපසු එති; ඔබ බිඳ දැමූවෝ, ඔබ වැනසූවෝ ඔබෙන් ඉවත් ව යති. ඔබේ ඇස් විදහා අවට බලන්න. ඔවුහු සියල්ලෝ එක් වී, ඔබ වෙත එන්නෝ ය. මා ජීවත් වන වග සැබෑ සේ ම, ආභරණ සේ ඔබ ඔවුන් හැම පැලඳ ගනු ඇත. මනාලියක සේ ඔබ ඔවුන් බැඳ ගනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

බෙදාගන්න
යෙසායා 49 SCV

යෙසායා 49:1-18 SROV (Sinhala Revised Old Version)

ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක. උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා: ඉශ්‍රායෙල්, නුඹ මාගේ මෙහෙකරුවාය; නුඹ කරණකොටගෙන ගෞරව ලබාගන්නෙමියි මට කීසේක. නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි. ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්‍රායෙල්වරුන් තමන් වෙතට රැස්කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙක් කරගත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක: [මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට ගෞරව ඇත්තේය, මාගේ දෙවියන්වහන්සේ මාගේ බලයව සිටිනසේක.] එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක. ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පිළිගත යුතු කාලයකදී මම නුඹට උත්තරදී, ගැළවීමේ දවසකදී නුඹට උපකාරකෙළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළුවූ උරුමවල් ඔවුන්ට හිමිකරදීමටත්, හිරකාරයන්ට: පිටතට එන්නැයිද අඳුරේ සිටින්නන්ට: පෙනීසිටින්නැයිද කීමටත්, මම නුඹ ආරක්ෂා කොට සෙනඟට ගිවිසුමක් කොට දෙන්නෙමි. මාර්ගවල ඔවුන්ට කෑම ලැබෙයි, සියලු මුඩු කඳු පිටද ඔවුන්ට තණබිම තිබෙයි. ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත. මමද මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, මාගේ මහ මාවත්ද උස්වන්නේය. බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය. ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක. නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය. ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි. බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ. නුඹේ දරුවෝ ඉක්මනින් එති; නුඹව විනාශකළ අයද නුඹව පාළුකළ අයද නුඹ වෙතින් අහක්ව යන්නෝය. නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. මොවුන් සියල්ලෝම එකතුව නුඹ ළඟට එති. මා ජීවත්වෙනවා සැබෑවාසේම, නුඹ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැළඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
යෙසායා 49 SROV

යෙසායා 49:1-18 NRSV (Sinhala New Revised Version)

මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක. එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක. එතුමාණෝ කතා කොට, “ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක. මම කතා කරමින්, “මම නිකරුණේ වෙහෙසුණෙමි; මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි”යි කීවෙමි. එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය. මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක. සමිඳාණෝ මට ගෞරවය දෙන සේක. එතුමාණෝ මාගේ ශක්තිය වන සේක. එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.” ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.” සමිඳාණෝ මෙසේ වදාළ සේක: “සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි. දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි. හිරකරුවන්ට, ‘නිදහස් ව යන්න’ කියා ද අඳුරේ සිටින්නන්ට, ‘ආලෝකයට එන්න’ කියා ද මම කියන්නෙමි. හැම මාර්ගයක දී ම ඔවුන්ට කෑම ලැබෙයි. ඔවුන් යන කවර මාවතක දී වුව ද පාළු වී ගිය කඳු මුදුන් පිට ඔවුන්ට ආහාර ඇති වේ. ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක. මම කඳු හරහා මහා මාවත් සාදා මාගේ සෙනඟ ගමන් කරන පිණිස මාර්ගයක් සූදානම් කරන්නෙමි. මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති; සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.” සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක. එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ. සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි. එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත. නැවත නුඹ ගොඩනඟන අය කැඩූ අයට වඩා ඉක්මනින් ඉදි කරති. නුඹව විනාශ කළ අය පලා යති. නෙත් විදහා වට පිට බලන්න. මොවුහු සියල්ලෝ ම එකතු ව නුඹ ළඟට එති. මම ජීවමාන දෙවිඳාණන්ගේ නාමයෙන් දිවුරා කියමි: ‘මනාලියක ඇගේ ආභරණ පළඳින්නාක් මෙන් නුඹේ සෙනඟ නුඹට අලංකාරයක් වන්නෝ ය.’

බෙදාගන්න
යෙසායා 49 NRSV

යෙසායා 49:1-18 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 49 SNRV

යෙසායා 49:1-18 NIV (New International Version)

Listen to me, you islands; hear this, you distant nations: Before I was born the LORD called me; from my mother’s womb he has spoken my name. He made my mouth like a sharpened sword, in the shadow of his hand he hid me; he made me into a polished arrow and concealed me in his quiver. He said to me, “You are my servant, Israel, in whom I will display my splendor.” But I said, “I have labored in vain; I have spent my strength for nothing at all. Yet what is due me is in the LORD’s hand, and my reward is with my God.” And now the LORD says— he who formed me in the womb to be his servant to bring Jacob back to him and gather Israel to himself, for I am honored in the eyes of the LORD and my God has been my strength— he says: “It is too small a thing for you to be my servant to restore the tribes of Jacob and bring back those of Israel I have kept. I will also make you a light for the Gentiles, that my salvation may reach to the ends of the earth.” This is what the LORD says— the Redeemer and Holy One of Israel— to him who was despised and abhorred by the nation, to the servant of rulers: “Kings will see you and stand up, princes will see and bow down, because of the LORD, who is faithful, the Holy One of Israel, who has chosen you.” This is what the LORD says: “In the time of my favor I will answer you, and in the day of salvation I will help you; I will keep you and will make you to be a covenant for the people, to restore the land and to reassign its desolate inheritances, to say to the captives, ‘Come out,’ and to those in darkness, ‘Be free!’ “They will feed beside the roads and find pasture on every barren hill. They will neither hunger nor thirst, nor will the desert heat or the sun beat down on them. He who has compassion on them will guide them and lead them beside springs of water. I will turn all my mountains into roads, and my highways will be raised up. See, they will come from afar— some from the north, some from the west, some from the region of Aswan.” Shout for joy, you heavens; rejoice, you earth; burst into song, you mountains! For the LORD comforts his people and will have compassion on his afflicted ones. But Zion said, “The LORD has forsaken me, the Lord has forgotten me.” “Can a mother forget the baby at her breast and have no compassion on the child she has borne? Though she may forget, I will not forget you! See, I have engraved you on the palms of my hands; your walls are ever before me. Your children hasten back, and those who laid you waste depart from you. Lift up your eyes and look around; all your children gather and come to you. As surely as I live,” declares the LORD, “you will wear them all as ornaments; you will put them on, like a bride.

බෙදාගන්න
යෙසායා 49 NIV