යෙසායා 48:17-22 - Compare All Versions

යෙසායා 48:17-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ මිදුම්කරුවාණන් ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබට ඉතාම කදිම දෑ ඔබට උගන්වන, ඔබ යා යුතු මග ඔබට පෙන්වන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. අහෝ, ඔබ අවධානය මගේ ආඥාවලට යොමු කළේ වී නම්, ඔබේ ශාන්තිය ගංගාවක් සේ ද ඔබේ දමිටුකම සාගර තරංග සේ ද වන්නට තිබිණි. ඔබෙන් පැවත එන්නන් වැලි මෙන් ද ඔබේ දරුවන් අසංඛ්‍ය වූ වැලිකැට මෙන් ද වන්නට තිබිණි. ඔවුන්ගේ නම කිසි කලෙක මා අබියසින් සිඳලනු ලබන්නට හෝ විනාශ කර දමනු ලබන්නට හෝ ඉඩ නො තිබිණි.” බබිලෝනිය හැර යන්න. කල්දිවරුන්ගෙන් පලා යන්න! ප්‍රීති ඝෝෂා සහිත ව මෙම නිවේදනය ප්‍රකාශ කරන්න. පොළෝ සීමා කොන් දක්වා මෙසේ පතුරුවා හරින්න: “ස්වාමින්වහන්සේ ස්වකීය සේවක යාකොබ් මුදා ගත් සේකැ” යි කියන්න. උන්වහන්සේ කාන්තාර මැදින් ඔවුනට මග පෙන්වද්දී ඔවුනට පිපාසය දැනුනේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයෙන් වතුර ගලා එන්නට සැලසූ සේක. උන්වහන්සේ පර්වතයේ පැළුමක් ඇති කළ සේක. එවිට වතුර ගලා හැලිණි. “දුෂ්ටයිනට සාමය නැතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.

බෙදාගන්න
යෙසායා 48 SCV

යෙසායා 48:17-22 SROV (Sinhala Revised Old Version)

නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය. අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය. නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලිඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත. බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශකර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවාවූ යාකොබ් මිදූසේක. උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න. දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
යෙසායා 48 SROV

යෙසායා 48:17-22 NRSV (Sinhala New Revised Version)

නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය. නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය. නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.” නිදහස ලබා, බබිලෝනියෙන් පිට වී යන්න. බබිලෝනිවරුන් වෙතින් බේරී යන්න. “සමිඳාණෝ සිය සේවක ඉශ්රායෙල් මුදාගත් සේකැ”යි කියමින් ප්‍රීති ඝෝෂා පවත්වා ලොව පුරා පතුරුවන්න. සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය. එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක. එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය. “අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.

බෙදාගන්න
යෙසායා 48 NRSV

යෙසායා 48:17-22 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 48 SNRV

යෙසායා 48:17-22 NIV (New International Version)

This is what the LORD says— your Redeemer, the Holy One of Israel: “I am the LORD your God, who teaches you what is best for you, who directs you in the way you should go. If only you had paid attention to my commands, your peace would have been like a river, your well-being like the waves of the sea. Your descendants would have been like the sand, your children like its numberless grains; their name would never be blotted out nor destroyed from before me.” Leave Babylon, flee from the Babylonians! Announce this with shouts of joy and proclaim it. Send it out to the ends of the earth; say, “The LORD has redeemed his servant Jacob.” They did not thirst when he led them through the deserts; he made water flow for them from the rock; he split the rock and water gushed out. “There is no peace,” says the LORD, “for the wicked.”

බෙදාගන්න
යෙසායා 48 NIV