යෙසායා 48:1-3 - Compare All Versions

යෙසායා 48:1-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මේ අසනු එම්බා යාකොබ් වංශය, ඉශ්‍රායෙල් යන නාමයෙන් අමතනු ලබන, යූදා පෙළපතින් පැවත එන නුඹ ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරයි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන් කරයි; එහෙත් ඒ, සැබෑකමින්වත්, දමිටුකමින්වත් නො වේ. මන්ද ඔවුහු ශුද්ධ නගරයට අනුව තමන් හඳුන්වා ගනිති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මත තමන් ම රඳා සිටිති. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. ඉහත දේවල් මම ඈත අතීතයේ කල්තියා ප්‍රකාශ කළෙමි. මගේ මුවින් ඒවා නිකුත් විණි. මම ඒවා නිවේදන කළෙමි. හදිසියේ ම මම එසේ කළෙමි. ඒවා සිද්ධ විය.

බෙදාගන්න
යෙසායා 48 SCV

යෙසායා 48:1-3 SROV (Sinhala Revised Old Version)

ඉශ්‍රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න. මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති. පළමු කාරණා පූර්වයේ පටන් දැන්වීමි; එසේය, ඒවා මාගේ මුඛයෙන් නික්මුණේය, මමද ඒවා ප්‍රකාශකෙළෙමි. මම ඒවා හදිසියෙන් කෙළෙමි, ඒවා සිදුවුණේය.

බෙදාගන්න
යෙසායා 48 SROV

යෙසායා 48:1-3 NRSV (Sinhala New Revised Version)

ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ. එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය. සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “අතීතයේ සිට සිදු වූ සෑම දෙයක් ම මා මුවින් නුඹලාට ප්‍රකාශ කෙළෙමි. මා ක්‍රියා කළ විගස ම ඒවා සිදු විය.

බෙදාගන්න
යෙසායා 48 NRSV

යෙසායා 48:1-3 SNRV (Sinhala New Revised Version 2018)

ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ. එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය. සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “අතීතයේ සිට සිදු වූ සෑම දෙයක් ම මා මුවින් නුඹලාට ප්‍රකාශ කෙළෙමි. මා ක්‍රියා කළ විගස ම ඒවා සිදු විය.

බෙදාගන්න
යෙසායා 48 SNRV

යෙසායා 48:1-3 NIV (New International Version)

“Listen to this, you descendants of Jacob, you who are called by the name of Israel and come from the line of Judah, you who take oaths in the name of the LORD and invoke the God of Israel— but not in truth or righteousness— you who call yourselves citizens of the holy city and claim to rely on the God of Israel— the LORD Almighty is his name: I foretold the former things long ago, my mouth announced them and I made them known; then suddenly I acted, and they came to pass.

බෙදාගන්න
යෙසායා 48 NIV