යෙසායා 45:9-13 - Compare All Versions

යෙසායා 45:9-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“තම නිමැවුම්කරුවාණන් සමඟ දබර කරන්නාට දුක් වේ. ඔහු, පොළොවේ මැටි බඳුන් අතරේ එක් බඳුනක් පමණි. ‘කුමක් ද ඔබ සාදන්නේ?’ යි මැටි පිඩ එය හැඩගැන් වූ තැනැත්තාට කියයි ද? නැතහොත් ‘ඔබගේ වැඩවල හැඩයක් නැතැ’ යි කියයි ද? පියකු අමතා, ‘කුමක් ද ඔබ ජනිත කරන්නේ?’ යි කියන්නාට ද මවක අමතා, ‘කුමක් ද ඔබ බිහි කරන්නේ?’ යි කියන්නාට ද දුක් වේ! “ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ ද එහි නිමැවුම්කරුවාණන් ද වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මතු පැමිණෙන දෑ සම්බන්ධයෙන්, මගේ දරුවන් ගැන ඔබ මගෙන් ප්‍රශ්න කරනවා ද? නැතහොත්, මගේ අත්වල වැඩ ගැන මට නියෝග දෙනවා ද? මේ පොළොව සෑදුවේත්, ඒ මත මිනිසා මැවුවේත් මම ය. අහස් කුස විහිදා හැරියේ මගේ ම අත්වලිනි. එහි තරු මඩුළු පිළියෙල කළේත් මම ය. මගේ දමිටුකමින්, මම කෝරෙෂ් නැගුටුවන්නෙමි. ඔහුගේ හැම මාර්ගයක් ම මම ඇද නැති කරවන්නෙමි. ඔහු, මගේ පුරවරය යළි ගොඩ නගනු ඇත; පිටුවහල් ව සිටින මගේ ජනයා නිදහස් කරනු ඇත. එහෙත් ඒ, කිසිදු ගෙවීමකට හෝ පාරිතෝෂයකට නො වේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක.

බෙදාගන්න
යෙසායා 45 SCV

යෙසායා 45:9-13 SROV (Sinhala Revised Old Version)

තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද? නුඹ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් නුඹ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න. පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි. ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

බෙදාගන්න
යෙසායා 45 SROV

යෙසායා 45:9-13 NRSV (Sinhala New Revised Version)

මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද? නුඹ ජනිත කරන්නේ කුමක් ද කියා පියාට කියන දරුවෙකුට ද නුඹ බිහි කරන්නේ කුමක් ද කියා මවට කියන බිළිඳෙකුට ද වන විපතක මහත! ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද? පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය, මාගේ අරමුණ ඉටු කරන පිණිසත්, සියල්ල මනා සේ සකස් කරන පිණිසත් මම සයිරස් උනන්දු කරවීමි. ඔහු යන මාර්ගය සමතලා කරන්නෙමි; මගේ නගරය ඔහු ගොඩනඟා වස්තුවක් හෝ අල්ලසක් හෝ නොගෙන වහල් වූවන් මුදාගෙන එනු ඇත.”

බෙදාගන්න
යෙසායා 45 NRSV

යෙසායා 45:9-13 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 45 SNRV

යෙසායා 45:9-13 NIV (New International Version)

“Woe to those who quarrel with their Maker, those who are nothing but potsherds among the potsherds on the ground. Does the clay say to the potter, ‘What are you making?’ Does your work say, ‘The potter has no hands’? Woe to the one who says to a father, ‘What have you begotten?’ or to a mother, ‘What have you brought to birth?’ “This is what the LORD says— the Holy One of Israel, and its Maker: Concerning things to come, do you question me about my children, or give me orders about the work of my hands? It is I who made the earth and created mankind on it. My own hands stretched out the heavens; I marshaled their starry hosts. I will raise up Cyrus in my righteousness: I will make all his ways straight. He will rebuild my city and set my exiles free, but not for a price or reward, says the LORD Almighty.”

බෙදාගන්න
යෙසායා 45 NIV