යෙසායා 45:6-7
යෙසායා 45:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ කරන්නේ, හිරු නැගෙනා තැන පටන් සහ බස්නාහිර පටන් ජනයා, මා හැර අන් කිසිවකු නැති වග දැනගන්නා පිණිස ය. ස්වාමින්වහන්සේ මම ය. මා මිස අන් කෙනකු නැත. මම එළිය තනන්නෙමි; අඳුර මවන්නෙමි. මම සමෘද්ධිය ගෙනෙන්නෙමි: විපත මවන්නෙමි. මේ හැම දෑ කරන්නේ ස්වාමින්වහන්සේ වන මා ය.
යෙසායා 45:6-7 Sinhala Revised Old Version (SROV)
මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත. එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේ යයි කියනසේක.
යෙසායා 45:6-7 Sinhala New Revised Version (NRSV)
මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත. ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
යෙසායා 45:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත. ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
යෙසායා 45:6-7 New International Version (NIV)
so that from the rising of the sun to the place of its setting people may know there is none besides me. I am the LORD, and there is no other. I form the light and create darkness, I bring prosperity and create disaster; I, the LORD, do all these things.