යෙසායා 45:18-25 - Compare All Versions
යෙසායා 45:18-25 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; ස්වර්ග මැවූ තැනැන්වහන්සේ උන්වහන්සේ ය. දෙවියන්වහන්සේ ය. පොළොව නිර්මාණ කළේත්, සෑදුවේත් උන්වහන්සේ ය. උන්වහන්සේ එය ස්ථාපන කළ සේක. උන්වහන්සේ එය මැවුවේ, පාළු ව, හිස් ව තිබෙන්නට නො වේ; ජනාවාස වනු පිණිස ය. උන්වහන්සේ මෙසේ කියන සේක: “ස්වාමින්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත. මා කතා කළේ අන්ධකාර දේශයක සිට රහසින් නො වේ. ‘අහේතුක ව මා සොයන්නැ’ යි යාකොබ්ගෙන් පැවත එන්නන්ට මා කීවේ නැත. මම, ස්වාමින්වහන්සේ සත්‍යය පවසමි: හරි දේ ප්‍රකාශ කරමි. “නුඹලා ම එකට එක් රැස් වී, එන්න. එක් ව ළඟා වන්න, ජාතීන් අතර දිවි ගලවා ගත්තවුනි. තමන්ගේ ලී දේව පිළිම රැගෙන යන-එන්නන්ට, ගලවන්නට බැරි දෙවියන්ට එක දිගට යදින අයට දැනගැන්ම නැත. ඔබේ කරුණු ප්‍රකාශ කොට ඉදිරිපත් කරන්න. ඔවුන් එක් ව අදහස් දැක්වූවා වේ! බොහෝ ඉහතදී මේ ගැන කලින් කීවේ කවුරු ද? ඈත අතීතයේ පටන් මෙය ප්‍රකාශ කළේ කවුරු ද? එසේ කළේ, ස්වාමින්වහන්සේ වන මම නො වෙම් ද? මා මිස අන් දෙවියන්වහන්සේ කෙනෙක් නැත. ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේ කෙනෙක්මි මම; ගැලවුම්කරුවෙක්මි. මා මිස අන් කෙනකු නැත. “පොළෝ සීමාන්තවල සිටින සියල්ලෙනි, මා වෙත හැරී, ගැලවීම ලබන්න. මන්ද මම දෙවියන්වහන්සේ වෙමි. වෙනත් කෙනකු නැත. මා ගැන ම මම දිවුළෙමි; වෙනස් කළ නො හැකි වදනක්, පූර්ණ දමිටුකමින් යුතු ව මා මුවින් නික්ම ඇත. එනම්, හැම දණක් ම, මා ඉදිරියෙහි නමනු ඇත. හැම දිවක් ම, මා ගැන දිවුරනු ඇත. මා ගැන කියනු ඇත්තේ ‘දමිටුකමත්, සවියත් ඇත්තේ ස්වාමින්වහන්සේ තුළ පමණ’ ය කියා ය.” උන්වහන්සේට එරෙහිව ක්‍රෝධයෙන් පසු වූ අය, උන්වහන්සේ වෙත අවුත්, ලජ්ජාවට පත් වනු ඇත. ඉශ්‍රායෙල්ගෙන් පැවත එන සියලු දෙනා, ස්වාමින්වහන්සේ තුළ ධර්මිෂ්ඨ කරනු ලැබ, උදාරම් වනු ඇත.
යෙසායා 45:18-25 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේ ය, වෙන කෙනෙක් නැත. මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි. ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත. ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත. පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත. සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය. ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ වෙතට එන්නෝය, උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ තුළම ධර්මිෂ්ඨකරනු ලැබ පාරට්ටුකරගන්නවා ඇත.
යෙසායා 45:18-25 NRSV (Sinhala New Revised Version)
සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත. මා කතා කෙළේ රහසින් නොවේ; ලොවේ අඳුරු තැනක දී නොවේ. අවුල් වියවුල් ඇති තැනක දී මා සොයන්න ඉශ්රායෙල්වරුන්ට නොකීවෙමි. මම සමිඳු වෙමි; මම සත්‍යය වදාරමි; මම යුක්තිය ප්‍රකාශ කරමි.” සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත. ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත, ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත. මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’ මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”
යෙසායා 45:18-25 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 45:18-25 NIV (New International Version)
For this is what the LORD says— he who created the heavens, he is God; he who fashioned and made the earth, he founded it; he did not create it to be empty, but formed it to be inhabited— he says: “I am the LORD, and there is no other. I have not spoken in secret, from somewhere in a land of darkness; I have not said to Jacob’s descendants, ‘Seek me in vain.’ I, the LORD, speak the truth; I declare what is right. “Gather together and come; assemble, you fugitives from the nations. Ignorant are those who carry about idols of wood, who pray to gods that cannot save. Declare what is to be, present it— let them take counsel together. Who foretold this long ago, who declared it from the distant past? Was it not I, the LORD? And there is no God apart from me, a righteous God and a Savior; there is none but me. “Turn to me and be saved, all you ends of the earth; for I am God, and there is no other. By myself I have sworn, my mouth has uttered in all integrity a word that will not be revoked: Before me every knee will bow; by me every tongue will swear. They will say of me, ‘In the LORD alone are deliverance and strength.’ ” All who have raged against him will come to him and be put to shame. But all the descendants of Israel will find deliverance in the LORD and will make their boast in him.