යෙසායා 45:14-17 - Compare All Versions

යෙසායා 45:14-17 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක. ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය. දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ විසින් සදාකාල ගැළවීමකින් ඉශ්‍රායෙල් ගළවනු ලබන්නෝය. නුඹලා සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.

බෙදාගන්න
යෙසායා 45 SROV

යෙසායා 45:14-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඊජිප්තුවේ ධනය ද කූෂ්හි වෙළඳ භාණ්ඩ ද උස මිනිසුන් වන සෙබාවරුන් ද ඔබ වෙත පැමිණ, ඔබට අයිති වනු ඇත. ඔවුහු ඔබ පසු පස ඇදෙනු ඇත. යදමින් බැඳි ඔවුන් ඔබ වෙත අවුත්, ඔබ ඉදිරියේ වැඳ වැටී, ඔබට ආයාචන කරමින්, ‘සැබවින් ම දෙවියන්වහන්සේ ඔබ තුළ ය. වෙනත් දෙවි කෙනකු නැත. වෙනත් කිසි කෙනකු නැතැ’ යි කියනු ඇත.” සැබවින් ම ඔබ, තමා ම සැඟවෙන දෙවියන්වහන්සේ කෙනෙක. අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ගැලවුම්කරුවාණන්වහන්ස; ඒ සියල්ලෝ ලජ්ජාවටත්, නින්දාවටත් පමුණුවනු ලබති. පිළිම හදන ඔවුන් එක් ව, වියවුල්කමට යනු ඇත. එහෙත් ඉශ්‍රායෙල් ස්වාමින්වහන්සේ විසින් සදාතන ගැලවීමකින් ගලවනු ලබන්නෝ ය. ඔබ ලජ්ජාවට හෝ නින්දාවට හෝ පත් කරනු ලබන්නේ නැත සදහට ම.

බෙදාගන්න
යෙසායා 45 SCV

යෙසායා 45:14-17 NRSV (Sinhala New Revised Version)

සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය. සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය. දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය. එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.

බෙදාගන්න
යෙසායා 45 NRSV

යෙසායා 45:14-17 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය. සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය. දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය. එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.

බෙදාගන්න
යෙසායා 45 SNRV

යෙසායා 45:14-17 NIV (New International Version)

This is what the LORD says: “The products of Egypt and the merchandise of Cush, and those tall Sabeans— they will come over to you and will be yours; they will trudge behind you, coming over to you in chains. They will bow down before you and plead with you, saying, ‘Surely God is with you, and there is no other; there is no other god.’ ” Truly you are a God who has been hiding himself, the God and Savior of Israel. All the makers of idols will be put to shame and disgraced; they will go off into disgrace together. But Israel will be saved by the LORD with an everlasting salvation; you will never be put to shame or disgraced, to ages everlasting.

බෙදාගන්න
යෙසායා 45 NIV