යෙසායා 44:9-11 - Compare All Versions

යෙසායා 44:9-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දේව රූප හදන සියල්ලෝ හිස්කමකි. ඔවුන් ප්‍රමෝදවත් කෙරෙන දෑ තුළ ලාභ ප්‍රයෝජනයක් නැත. ඔවුන් ලජ්ජාවට පත්වීම ගැන ඔවුන්ගේ සාක්ෂිකරුවනට කිසිවක් නො පෙනේ. නො දැනේ. තමන්ට කිසිදු ප්‍රයෝජනයක් සැලසිය නො හැකි දේව රූපයක් හැඩ ගන්වා, පිළිමයක් වාත්තු කරන්නේ කවරෙක් ද? ඔන්න! එහි සියලු හවුල්කරුවෝ ලජ්ජාවට පමුණුවනු ලබති. පිළිම-ශිල්පීන් හුදෙක් මිනිසුන් පමණි. ඔවුහු සියල්ලෝ එක් රැස් වී, පෙරට එත්වා! ඔවුහු භීතියටත්, අපකීර්තියටත් පමුණුවනු ලබති.

බෙදාගන්න
යෙසායා 44 SCV

යෙසායා 44:9-11 SROV (Sinhala Revised Old Version)

රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය. දෙවිකෙනෙකු සාදා ප්‍රයෝජන නැති රූපයක් වාත්තුකෙළේ කවුද? බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.

බෙදාගන්න
යෙසායා 44 SROV

යෙසායා 44:9-11 NRSV (Sinhala New Revised Version)

පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය. දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය. එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.

බෙදාගන්න
යෙසායා 44 NRSV

යෙසායා 44:9-11 SNRV (Sinhala New Revised Version 2018)

පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය. දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය. එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.

බෙදාගන්න
යෙසායා 44 SNRV

යෙසායා 44:9-11 NIV (New International Version)

All who make idols are nothing, and the things they treasure are worthless. Those who would speak up for them are blind; they are ignorant, to their own shame. Who shapes a god and casts an idol, which can profit nothing? People who do that will be put to shame; such craftsmen are only human beings. Let them all come together and take their stand; they will be brought down to terror and shame.

බෙදාගන්න
යෙසායා 44 NIV