යෙසායා 44:9-10
යෙසායා 44:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දේව රූප හදන සියල්ලෝ හිස්කමකි. ඔවුන් ප්රමෝදවත් කෙරෙන දෑ තුළ ලාභ ප්රයෝජනයක් නැත. ඔවුන් ලජ්ජාවට පත්වීම ගැන ඔවුන්ගේ සාක්ෂිකරුවනට කිසිවක් නො පෙනේ. නො දැනේ. තමන්ට කිසිදු ප්රයෝජනයක් සැලසිය නො හැකි දේව රූපයක් හැඩ ගන්වා, පිළිමයක් වාත්තු කරන්නේ කවරෙක් ද?
බෙදාගන්න
යෙසායා 44 කියවන්නයෙසායා 44:9-10 Sinhala Revised Old Version (SROV)
රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්රිය දේවලින් ප්රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය. දෙවිකෙනෙකු සාදා ප්රයෝජන නැති රූපයක් වාත්තුකෙළේ කවුද?
බෙදාගන්න
යෙසායා 44 කියවන්නයෙසායා 44:9-10 Sinhala New Revised Version (NRSV)
පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය. දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය.
බෙදාගන්න
යෙසායා 44 කියවන්න