යෙසායා 43:25-28 - Compare All Versions

යෙසායා 43:25-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මම, සැබවින් ම මම, ඔබේ නොපනත්කම්, මා නිසා ම මකා දමන තැනැන්වහන්සේ ය; ඔබේ පාප ද තවදුරටත් මා මතක් කරන්නේ නැත. මට සිහි කරවන්න. අපි එක් ව තර්ක කරමු. ඔබේ නිදොස් බව ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරන්න. ඔබේ මුල් පියා පව් කළේ ය. ඔබේ නියෝජිතයෝ මට එරෙහිව මගේ නීති උල්ලංඝන කළහ. එබැවින් ඔබේ ශුද්ධස්ථානයේ අධිපතීන් මම දූෂ්‍ය කරන්නෙමි. යාකොබ් වංශය විනාශයේ ද ඉශ්‍රායෙල් ජාතිය නිග්‍රහයේ ද ඉරණමට කැප කරන්නෙමි.

බෙදාගන්න
යෙසායා 43 SCV

යෙසායා 43:25-28 SROV (Sinhala Revised Old Version)

මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය. මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න. නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය. එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.

බෙදාගන්න
යෙසායා 43 SROV

යෙසායා 43:25-28 NRSV (Sinhala New Revised Version)

එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය. අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න. නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය. නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”

බෙදාගන්න
යෙසායා 43 NRSV

යෙසායා 43:25-28 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය. අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න. නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය. නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”

බෙදාගන්න
යෙසායා 43 SNRV

යෙසායා 43:25-28 NIV (New International Version)

“I, even I, am he who blots out your transgressions, for my own sake, and remembers your sins no more. Review the past for me, let us argue the matter together; state the case for your innocence. Your first father sinned; those I sent to teach you rebelled against me. So I disgraced the dignitaries of your temple; I consigned Jacob to destruction and Israel to scorn.

බෙදාගන්න
යෙසායා 43 NIV