යෙසායා 43:22-28
යෙසායා 43:22-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් එම්බා යාකොබ්, නුඹ මෙතෙක් මට හඬ ගැසුවේ නැත. එම්බා ඉශ්‍රායෙල්, ඔබ මා ගැන වෙහෙසට පත් ව ඇත. දවන යාග පූජා සඳහා මා වෙත නුඹ බැටළුවන් ගෙන ආවේ නැත. ඔබගේ පුද පූජා මගින් මට ගෞරව කළේ නැත. ධාන්‍ය පූජා සඳහා මා ඔබට බර පැටවූයේ නැත. සුවඳ දුම් පූජා සඳහා මා ඔබට බල කෙරුවේ ද නැත. මා උදෙසා නුඹ සුවඳ දඬු මිලයට ගත්තේ නැත. ඔබගේ යාග පූජාවල මේදයෙන්, මා තෘප්තියට පත් කළේ ද නැත. එහෙත් ඔබගේ පව්වලින් ඔබ මට බර පටවා, ඔබගේ අයුතුකම්වලින් මා වෙහෙසවා ඇත. “මම, සැබවින් ම මම, ඔබේ නොපනත්කම්, මා නිසා ම මකා දමන තැනැන්වහන්සේ ය; ඔබේ පාප ද තවදුරටත් මා මතක් කරන්නේ නැත. මට සිහි කරවන්න. අපි එක් ව තර්ක කරමු. ඔබේ නිදොස් බව ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරන්න. ඔබේ මුල් පියා පව් කළේ ය. ඔබේ නියෝජිතයෝ මට එරෙහිව මගේ නීති උල්ලංඝන කළහ. එබැවින් ඔබේ ශුද්ධස්ථානයේ අධිපතීන් මම දූෂ්‍ය කරන්නෙමි. යාකොබ් වංශය විනාශයේ ද ඉශ්‍රායෙල් ජාතිය නිග්‍රහයේ ද ඉරණමට කැප කරන්නෙමි.
යෙසායා 43:22-28 Sinhala Revised Old Version (SROV)
එහෙත්, යාකොබ්, නුඹ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, නුඹ මා ගැන කලකිරුණෙහිය. නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි. නුඹ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් නුඹේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. නුඹේ පාපවලින් නුඹ මට බරක්වී, නුඹේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය. මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය. මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න. නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය. එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.
යෙසායා 43:22-28 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය. නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත. නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය. එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය. අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න. නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය. නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”
යෙසායා 43:22-28 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 43:22-28 New International Version (NIV)
“Yet you have not called on me, Jacob, you have not wearied yourselves for me, Israel. You have not brought me sheep for burnt offerings, nor honored me with your sacrifices. I have not burdened you with grain offerings nor wearied you with demands for incense. You have not bought any fragrant calamus for me, or lavished on me the fat of your sacrifices. But you have burdened me with your sins and wearied me with your offenses. “I, even I, am he who blots out your transgressions, for my own sake, and remembers your sins no more. Review the past for me, let us argue the matter together; state the case for your innocence. Your first father sinned; those I sent to teach you rebelled against me. So I disgraced the dignitaries of your temple; I consigned Jacob to destruction and Israel to scorn.