යෙසායා 43:1-13 - Compare All Versions
යෙසායා 43:1-13 SROV (Sinhala Revised Old Version)
එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය. මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි. නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා නුඹට ප්‍රේමකළ බැවින්ද, නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි. භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි; මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද, එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි. ඇස් ඇති අන්ධ සෙනඟද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න. සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා. මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත. මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත. මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?
යෙසායා 43:1-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් එම්බා යාකොබ්, නුඹ මැවූ තැනැත්තාණන්, එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැඩගැන් වූ තැනැත්තාණන් වන ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක: “භය නො වන්න, මන්ද මම ඔබ මුදා ගත්තෙමි. නම කියා මම ඔබ කැඳවා ගතිමි. ඔබ මගේ ය. දිය මැදින් ඔබ යන විට, මම ඔබ සමඟ සිටින්නෙමි. ගංගා මැදින් යන විට, ඒවා ඔබ යට කර ගලන්නේ නැත. ගිනි මැදින් ඔබ යන විට, ඔබ දැවී යන්නේ නැත. ගිනි දළු ඔබට ගිනි අවුළුවන්නේ නැත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය. මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි. මගේ ඇස් හමුවේ ඔබ වටින නිසාත්, ගරුතර නිසාත්, මම ඔබට ප්‍රේම කරමි. ඔබ වෙනුවට මිනිසුන් ද ඔබේ ජීවිත වෙනුවට ජනතාවන් ද මම හුවමාරු වශයෙන් දෙන්නෙමි. භය නො වන්න, මන්ද මා ඔබ සමඟ ය. මම නැගෙනහිර සිට ඔබේ දරු පරපුර ගෙනෙන්නෙමි. බටහිර සිට ඔබ එකතු කරන්නෙමි. මම උතුර අමතා, ‘මුදා හරිනු’ කියාත්, දකුණ අමතා, ‘නවතා නො ගනු’ කියාත්, ඈත එපිට සිට මගේ පුතුන් ගෙනෙන්න. පොළෝ කෙළවරෙහි සිට මගේ දූවරුන් ගෙනෙන්න කියාත් කියන්නෙමි. මගේ නාමයෙන් හඳුන්වනු ලබන ඒ හැම කෙනෙක් ම මගේ මහිමය උදෙසා මවිසින් මවා, නිර්මාණ කොට සාදන ලද්දෝ වෙති.” ඇස් තිබෙන එහෙත් අන්ධ, කන් තිබෙන එහෙත් බිහිරි ජනයා පිටතට ගෙනෙන්න. සියලු ජාතීහු එකට එක් රැස් වෙත්වා! ජනතාවෝ එක් රොක් වෙත්වා! කල් මත්තෙන් මේ ගැන කීවේත්, පූර්ව දේවල් අපට පෙන්වූයේත් ඔවුන් අතරින් කවුරු ද? “එය සත්‍ය යැ” යි කියනු හැකි වන පිණිස, තම නිවැරදි භාවය ඔප්පු කිරීමට ඔවුහු තම සාක්ෂිකරුවන් ගෙන එත්වා! “මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබ මා හැඳින, මා විශ්වාස කොට, උන්වහන්සේ මා වග වටහා ගන්න පිණිස, මා තෝරාගත් මගේ සේවකයාත් ඔබ ය. මට පෙරටුව කිසිදු දෙවි කෙනකු සැදුම් ලද්දේ නැත. මගෙන් පසුව මතු ඇති වන්නේ ද නැත. ස්වාමින්වහන්සේ මම ය. මම ම ය. මා හැර, අන් ගැලවුම්කරුවෙක් නැත. මම හෙළි කළෙමි; ගැලවීමි; ප්‍රකාශ කළෙමි. මා මිස ඔබ අතරෙහි අන් විදෙස් දෙවියකු නො වේ. මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දෙවියන්වහන්සේ මම ය. තවද මතු ද උන්වහන්සේ මම ය. මගේ අතින් මුදා ගත හැකි කෙනෙක් නැත. මම ක්‍රියා කරමි. එය වෙනස් කළ හැක්කේ කවරකුට ද?”
යෙසායා 43:1-13 NRSV (Sinhala New Revised Version)
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය. නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත. මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය. නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය. නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි. නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි. බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි. ‘මාගේ සෙනඟට යන්න ඉඩ දෙන්නැ’යි උතුරටත්, ‘ඔවුන් නවත්වා නොගන්නැ’යි දකුණටත් මම කියන්නෙමි. මාගේ දූ පුතුන් නමින් කැඳවා, පොළොවේ දුර බැහැර සිට සෑම දිශාවෙන් ඔවුන් ගෙන එන්නෙමි. ඔව්හු මාගේ ම සෙනඟ ය; මාගේ මහිමය සඳහා නිර්මාණය කොට, මවා වදාළෙමි.” දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න. ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය; ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය. සියලු සෙනඟ එක් රැස් කරන්න. ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද? මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා! ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත. එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය; මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත. සිදු වන්න යන දේ මම කලින් දැන්වීමි; ඉන්පසු නුඹලාට පිහිට වන්න මම පැමිණියෙමි. කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමඟ නොසිටියේ ය. මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. මම දෙවියන් වහන්සේ ය; සදහට ම එසේ වෙමි; මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය. මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.”
යෙසායා 43:1-13 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 43:1-13 NIV (New International Version)
But now, this is what the LORD says— he who created you, Jacob, he who formed you, Israel: “Do not fear, for I have redeemed you; I have summoned you by name; you are mine. When you pass through the waters, I will be with you; and when you pass through the rivers, they will not sweep over you. When you walk through the fire, you will not be burned; the flames will not set you ablaze. For I am the LORD your God, the Holy One of Israel, your Savior; I give Egypt for your ransom, Cush and Seba in your stead. Since you are precious and honored in my sight, and because I love you, I will give people in exchange for you, nations in exchange for your life. Do not be afraid, for I am with you; I will bring your children from the east and gather you from the west. I will say to the north, ‘Give them up!’ and to the south, ‘Do not hold them back.’ Bring my sons from afar and my daughters from the ends of the earth— everyone who is called by my name, whom I created for my glory, whom I formed and made.” Lead out those who have eyes but are blind, who have ears but are deaf. All the nations gather together and the peoples assemble. Which of their gods foretold this and proclaimed to us the former things? Let them bring in their witnesses to prove they were right, so that others may hear and say, “It is true.” “You are my witnesses,” declares the LORD, “and my servant whom I have chosen, so that you may know and believe me and understand that I am he. Before me no god was formed, nor will there be one after me. I, even I, am the LORD, and apart from me there is no savior. I have revealed and saved and proclaimed— I, and not some foreign god among you. You are my witnesses,” declares the LORD, “that I am God. Yes, and from ancient days I am he. No one can deliver out of my hand. When I act, who can reverse it?”