යෙසායා 42:5-6
යෙසායා 42:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ, අහස් තල මවා, ඒවා ඇතුරූ තැනැන්වහන්සේ, පොළොවත් එයින් හට ගැනෙන සියල්ලත් විහිදා හළ තැනැන්වහන්සේ, ඒ මත වූ ජනයාට හුස්මත්, ඒ මත ඇවිදින්නන්ට ආත්මයත් දෙන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ස්වාමින්වහන්සේ මම ය. මම දමිටුකමින් ඔබ කැඳවීමි. මම ඔබේ අත අල්ලා ගනිමි. මම ඔබ තබා ගනිමි. ජනතාව සඳහා ගිවිසුමක් වශයෙන් හා ජාතීන් සඳහා එළියක් වශයෙන් මා ඔබ දෙන්නේ
යෙසායා 42:5-6 Sinhala Revised Old Version (SROV)
ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද කොට නියමකරන්නෙමි.
යෙසායා 42:5-6 Sinhala New Revised Version (NRSV)
අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
යෙසායා 42:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
යෙසායා 42:5-6 New International Version (NIV)
This is what God the LORD says— the Creator of the heavens, who stretches them out, who spreads out the earth with all that springs from it, who gives breath to its people, and life to those who walk on it: “I, the LORD, have called you in righteousness; I will take hold of your hand. I will keep you and will make you to be a covenant for the people and a light for the Gentiles