යෙසායා 42:22 - Compare All Versions
යෙසායා 42:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් මේ ජාතිය පැහැර ගනු ලබති. කොල්ලකනු ලබති. ඔවුහු සැවොම වළවල්වල උගුලට හසු වී, සිර ගෙවල සඟවනු ලැබ සිටිති, ගලවා ගැනීමට කිසිවකු නැතිව, නැවත පිහිටවනු ලැබීමට කිසිවකු නැතිව, ඔවුහු කොල්ලයට හසු වී සිටිති.
යෙසායා 42:22 SROV (Sinhala Revised Old Version)
එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.
යෙසායා 42:22 NRSV (Sinhala New Revised Version)
එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ. ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත. ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති. ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.
යෙසායා 42:22 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ. ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත. ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති. ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.
යෙසායා 42:22 NIV (New International Version)
But this is a people plundered and looted, all of them trapped in pits or hidden away in prisons. They have become plunder, with no one to rescue them; they have been made loot, with no one to say, “Send them back.”