යෙසායා 42:1-4
යෙසායා 42:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න! මවිසින් උසුලන මගේ සේවකයා, මගේ ජීවය ප්‍රමෝද කරවන මවිසින් තෝරාගත් තැනැත්තා; මම ඔහු පිට මගේ ආත්මයාණන් තබමි. ඔහු, ජාතීනට යුක්තිය ගෙනෙනු ඇත. ඔහු හඬ නගා මොර ගසන්නේවත්, කටහඬ අවදි කරන්නේවත් නැත. වීථිවලදී එය ඇසෙන්නට සලස්වන්නේ ද නැත. ඔහු තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. විශ්වාසවන්ත ව ඔහු යුක්තිය ඉටු කරනු ඇත. තමන් මිහි පිට යුක්තිය පිහිටු වන තුරු, ඔහු නො පැකිළෙයි; පසුබට නො වෙයි. මුහුදු දූපත් ඔහුගේ උපදෙස් ගැන බලාපොරොත්තු තබනු ඇත.”
යෙසායා 42:1-4 Sinhala Revised Old Version (SROV)
මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය. ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය. ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශකරන්නේය. පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.
යෙසායා 42:1-4 Sinhala New Revised Version (NRSV)
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත. එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත; තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත. සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
යෙසායා 42:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත. එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත; තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත. සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
යෙසායා 42:1-4 New International Version (NIV)
“Here is my servant, whom I uphold, my chosen one in whom I delight; I will put my Spirit on him, and he will bring justice to the nations. He will not shout or cry out, or raise his voice in the streets. A bruised reed he will not break, and a smoldering wick he will not snuff out. In faithfulness he will bring forth justice; he will not falter or be discouraged till he establishes justice on earth. In his teaching the islands will put their hope.”