යෙසායා 41:8-13
යෙසායා 41:8-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් නුඹ, ඉශ්‍රායෙල් මගේ සේවකය, යාකොබ් මා තෝරාගත් තැනැත්ත, මා මිත්‍ර ආබ්‍රහම්ගේ වංශය, පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි. එහි ඈත සීමා වෙතින් මම ඔබ කැඳවා ගත්තෙමි. “ඔබ මගේ සේවකයා ය; මම ඔබ තෝරා ගතිමි; මම ඔබ ඉවත නො දමමි” යි ඔබට කීවෙමි. එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි. ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන් ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත. ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්, නැත්තට නැති වී, විනාශ වී යනු ඇත. ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු, ඔබට ඔවුන් හමු නො වේ. ඔබට එරෙහිව යුද වදින්නන්, නිකමුන් වැන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය.
යෙසායා 41:8-13 Sinhala Revised Old Version (SROV)
නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය, මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ, භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි. නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය. නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
යෙසායා 41:8-13 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය. පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි. බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි. “නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය. නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය. මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”
යෙසායා 41:8-13 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 41:8-13 New International Version (NIV)
“But you, Israel, my servant, Jacob, whom I have chosen, you descendants of Abraham my friend, I took you from the ends of the earth, from its farthest corners I called you. I said, ‘You are my servant’; I have chosen you and have not rejected you. So do not fear, for I am with you; do not be dismayed, for I am your God. I will strengthen you and help you; I will uphold you with my righteous right hand. “All who rage against you will surely be ashamed and disgraced; those who oppose you will be as nothing and perish. Though you search for your enemies, you will not find them. Those who wage war against you will be as nothing at all. For I am the LORD your God who takes hold of your right hand and says to you, Do not fear; I will help you.