යෙසායා 41:8-10
යෙසායා 41:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් නුඹ, ඉශ්රායෙල් මගේ සේවකය, යාකොබ් මා තෝරාගත් තැනැත්ත, මා මිත්‍ර ආබ්‍රහම්ගේ වංශය, පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි. එහි ඈත සීමා වෙතින් මම ඔබ කැඳවා ගත්තෙමි. “ඔබ මගේ සේවකයා ය; මම ඔබ තෝරා ගතිමි; මම ඔබ ඉවත නො දමමි” යි ඔබට කීවෙමි. එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි.
යෙසායා 41:8-10 Sinhala Revised Old Version (SROV)
නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්රයාවූ ආබ්‍රහම්ගේ වංශය, මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ, භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
යෙසායා 41:8-10 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය. පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි. බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
යෙසායා 41:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය. පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි. බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
යෙසායා 41:8-10 New International Version (NIV)
“But you, Israel, my servant, Jacob, whom I have chosen, you descendants of Abraham my friend, I took you from the ends of the earth, from its farthest corners I called you. I said, ‘You are my servant’; I have chosen you and have not rejected you. So do not fear, for I am with you; do not be dismayed, for I am your God. I will strengthen you and help you; I will uphold you with my righteous right hand.