යෙසායා 41:21-24 - Compare All Versions
යෙසායා 41:21-24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබේ නඩුව ඉදිරිපත් කරන්නැ” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ තර්ක-සාධක ගෙන හැර පාන්නැ” යි යාකොබ්ගේ රජ්ජුරුවෝ කියන සේක. මතු සිදුවන දෑ අපට කියන්නට, ඔබේ පිළිම කැඳවාගෙන එන්න. පසුගිය දේවල් කෙලෙස විණි දැයි අපට කියන්න. එකල, ඒවා ගැන සිතා බලා, ඒවායේ අවසන් ප්‍රතිඵලය දැනගන්නට අපට හැකි වෙයි. නැතහොත් මතු සිදුවන දෑ, අපට ප්‍රකාශ කරන්න. අනාගතය ගැන අපට කියන්න. එවිට නුඹලා දෙවිවරුන් වග අපට දැනගත හැකි වෙයි. අප තැති ගැන්වී, භයින් පිරෙනු පිණිස, හොඳක් හෝ නරකක් හෝ යම් දෙයක් කරන්න. අහෝ නුඹලා නිෂ්ඵලකම ම ය. තවද නුඹලාගේ වැඩ හිස්කමටත් වඩා අඩු ය. නුඹලා තෝරාගත් අය කවුරු ද, ඔහු පිළිකුලකි.
යෙසායා 41:21-24 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ පැමිණිල්ල ඉදිරියට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාගේ බලවත් කාරණා පෙන්වන්නැයි යාකොබ්ගේ රජ්ජුරුවෝ කියනසේක. ඔව්හු ඒවා ඉදිරිපත්කොට, සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වන්න; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශකරන්න. මතු සිද්ධවෙන්ට තිබෙන දේවල් දන්වන්න, එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්ට ලැබෙනවා ඇත. එසේය, අප එක්ව තැතිගෙන බලන පිණිස හොඳක් හෝ නරකක් කරන්න. බලව, නුඹලා කිසිත් නැතිකමය, නුඹලාගේ ක්‍රියාවත් හිස්කමය. නුඹලාව තෝරාගන්න තැනැත්තේ පිළිකුලක්ය.
යෙසායා 41:21-24 NRSV (Sinhala New Revised Version)
ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න. මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න. මතු සිදු වන්න යන දේවල් අපට ප්‍රකාශ කරන්න. එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනු ඇත. අප බිය වී තැතිගන්න පිණිස හොඳක් හෝ නපුරක් හෝ අපට කරන්න. එහෙත්, නුඹලා නිකම්මු ය; නුඹලාගේ ක්‍රියා බොල් ය. නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති.
යෙසායා 41:21-24 SNRV (Sinhala New Revised Version 2018)
ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න. මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න. මතු සිදු වන්න යන දේවල් අපට ප්‍රකාශ කරන්න. එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනු ඇත. අප බිය වී තැතිගන්න පිණිස හොඳක් හෝ නපුරක් හෝ අපට කරන්න. එහෙත්, නුඹලා නිකම්මු ය; නුඹලාගේ ක්‍රියා බොල් ය. නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති.
යෙසායා 41:21-24 NIV (New International Version)
“Present your case,” says the LORD. “Set forth your arguments,” says Jacob’s King. “Tell us, you idols, what is going to happen. Tell us what the former things were, so that we may consider them and know their final outcome. Or declare to us the things to come, tell us what the future holds, so we may know that you are gods. Do something, whether good or bad, so that we will be dismayed and filled with fear. But you are less than nothing and your works are utterly worthless; whoever chooses you is detestable.