යෙසායා 41:13-14
යෙසායා 41:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය. භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව, එම්බා ඉශ්රායෙල් මිනිසුනි, ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.
යෙසායා 41:13-14 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි. පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
යෙසායා 41:13-14 Sinhala New Revised Version (NRSV)
මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.” සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.
යෙසායා 41:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.” සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.
යෙසායා 41:13-14 New International Version (NIV)
For I am the LORD your God who takes hold of your right hand and says to you, Do not fear; I will help you. Do not be afraid, you worm Jacob, little Israel, do not fear, for I myself will help you,” declares the LORD, your Redeemer, the Holy One of Israel.