යෙසායා 41:12-13
යෙසායා 41:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු, ඔබට ඔවුන් හමු නො වේ. ඔබට එරෙහිව යුද වදින්නන්, නිකමුන් වැන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය.
බෙදාගන්න
යෙසායා 41 කියවන්නයෙසායා 41:12-13 Sinhala Revised Old Version (SROV)
නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
බෙදාගන්න
යෙසායා 41 කියවන්නයෙසායා 41:12-13 Sinhala New Revised Version (NRSV)
නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය. මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”
බෙදාගන්න
යෙසායා 41 කියවන්න