යෙසායා 41:10-20
යෙසායා 41:10-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි. ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන් ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත. ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්, නැත්තට නැති වී, විනාශ වී යනු ඇත. ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු, ඔබට ඔවුන් හමු නො වේ. ඔබට එරෙහිව යුද වදින්නන්, නිකමුන් වැන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය. භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව, එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි, ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. මෙන්න! මම මුවහත්, දැති රාශියක් ඇති අලුත් ගොයම් මඩින යන්ත්‍රයක් ඔබගෙන් සාදන්නෙමි. ඔබ, කඳු මැඩ, ඒවා තලා, පොඩිකර, හෙල්, බොල් පොතු බවට පමුණුවනු ඇත. ඔබ ඒවා පොළනු ඇත; සුළඟ ඒවා ඉවත ගසා ගෙන යනු ඇත. සැඩ සුළඟ ඒවා විසුරුවා දමයි. ස්වාමින්වහන්සේ තුළ ඔබ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ තුළ ඔබ උදම් අනනු ඇත. දුප්පතුන් හා හිඟකම් ඇති අය ජලය සොයා යති. එහෙත් බිඳකුදු එහි නැත. පිපාසයෙන් ඔවුන්ගේ දිව් වියළී යයි. එහෙත් ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට පිළිතුරු දෙමි. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන මා, ඔවුන් අත්හරින්නේ නැත. මුඩු කඳු මුදුන්හි ගංගා ද මිටියාවත් මධ්‍යයේ දිය උල්පත් ද මම පැන නංවන්නෙමි. කාන්තාරය දිය පොකුණක් ද වියළි දේශය දිය උල්පත් ද කරන්නෙමි. මම වනාන්තරයේ දේවදාර, අකේෂියා, මරඳ හා ඔලීව ගස් හටගන්වන්නෙමි. කාන්තාර බිමෙහි සයිප්‍රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එකට ඇති කරන්නෙමි. එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ හස්තය, මෙය කළ වගත්, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙය නිර්මාණ කළ වගත් ඔවුන් දැක, එය දැනගන්නා පිණිස ය; ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.
යෙසායා 41:10-20 Sinhala Revised Old Version (SROV)
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි. නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය. නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි. පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය. බලව, මම නුඹ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. නුඹ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය. නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය. අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි. මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි. මම කාන්තාරයෙහි කිහිරි ගස්ද ෂිට්ටීම් ගස්ද මරඳ ගස්ද තෙල් ගස්ද හිටවන්නෙමි; වනයෙහි දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂූර් ගස්ද එකට තබන්නෙමි. එසේ කරන්නේ ස්වාමීන්වහන්සේගේ හස්තය මේක කළ බවද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ ඒක හටගැන්වූ බවද ඔවුන් එක්ව දැක, දැනගෙන, සිතට ගෙන, තේරුම්ගන්න පිණිසය.
යෙසායා 41:10-20 Sinhala New Revised Version (NRSV)
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි. “නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය. නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය. මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.” සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය. මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය. නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය. අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි. මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි. කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි. මම කාන්තාරයෙහි කිහිරි, ෂිටිම්, මරඳ හා ඔලීව හටගන්වන්නෙමි. වනයෙහි දේවදාර, හල් හා සයිප්‍රස් එකට හටගන්වන්නෙමි. සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.”
යෙසායා 41:10-20 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 41:10-20 New International Version (NIV)
So do not fear, for I am with you; do not be dismayed, for I am your God. I will strengthen you and help you; I will uphold you with my righteous right hand. “All who rage against you will surely be ashamed and disgraced; those who oppose you will be as nothing and perish. Though you search for your enemies, you will not find them. Those who wage war against you will be as nothing at all. For I am the LORD your God who takes hold of your right hand and says to you, Do not fear; I will help you. Do not be afraid, you worm Jacob, little Israel, do not fear, for I myself will help you,” declares the LORD, your Redeemer, the Holy One of Israel. “See, I will make you into a threshing sledge, new and sharp, with many teeth. You will thresh the mountains and crush them, and reduce the hills to chaff. You will winnow them, the wind will pick them up, and a gale will blow them away. But you will rejoice in the LORD and glory in the Holy One of Israel. “The poor and needy search for water, but there is none; their tongues are parched with thirst. But I the LORD will answer them; I, the God of Israel, will not forsake them. I will make rivers flow on barren heights, and springs within the valleys. I will turn the desert into pools of water, and the parched ground into springs. I will put in the desert the cedar and the acacia, the myrtle and the olive. I will set junipers in the wasteland, the fir and the cypress together, so that people may see and know, may consider and understand, that the hand of the LORD has done this, that the Holy One of Israel has created it.