යෙසායා 40:9-14 - Compare All Versions

යෙසායා 40:9-14 SROV (Sinhala Revised Old Version)

සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියන්වහන්සේයයි යූදා නුවරවලට කියන්න. බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවන්තයෙකු මෙන් එනසේක, උන්වහන්සේගේ හස්තයද උන්වහන්සේ උදෙසා ආණ්ඩුකරන්නේය. උන්වහන්සේගේ බැළය උන්වහන්සේ සමඟය; උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය. එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක. තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද? ස්වාමීන්වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද? උන්වහන්සේ කා සමඟ මන්ත්‍රණයකළසේක්ද? උන්වහන්සේට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නුවේ කවුද?

බෙදාගන්න
යෙසායා 40 SROV

යෙසායා 40:9-14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ, උස කන්දකට නගින්න එම්බා සියොන, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. ඔබේ කටහඬින් ශක්තිමත් ව මොර හඬ නගන්න. එම්බා යෙරුසලම, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න. උස් හඬ නගන්න. භය නො වන්න. “මෙන්න ඔබේ දෙවියන්වහන්සේ!” යි යූදා නගරවලට පවසන්න. මෙන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ බලයෙන් යුතු ව එන සේක. උන්වහන්සේගේ බාහුව උන්වහන්සේ වෙනුවෙන් පාලනයෙහි යෙදෙයි. මෙන්න! උන්වහන්සේගේ ඉටු විපාක උන්වහන්සේ සමඟ ය. උන්වහන්සේගේ පල විපාක උන්වහන්සේ අබියස ය. එඬේරකු මෙන් උන්වහන්සේ තම රංචුව රැක බලාගන්නා සේක: උන්වහන්සේ බැටළු පැටවුන් දෝතට ගෙන, පපුවට තද කර ගෙන යමින්, ගැබ්බර දෙනුන් සෙමෙන් දක්කාගෙන යන සේක. මුහුදේ ජලය තම අත්ලෙන් මැන්නේ කවුරු ද? අහසේ දිග පළල තම වියතින් ලකුණු කළේ කවුරු ද? පොළොවේ දූවිලි, හුණ්ඩුවක දමා ගත්තේ කවුරු ද? තරාදියකින් කඳු ද තුලාවකින් හෙල් ද කිරා බැලුවේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මග පෙන්වූයේ කවරෙක් ද? උන්වහන්සේගේ උපදේශකයා සේ උන්වහන්සේට උපදෙස් දුන්නේ කවරෙක් ද? අවබෝධය ලැබීමට උන්වහන්සේ උපදෙස් ගත්තේ කවරකුගෙන් ද? උන්වහන්සේට යුක්තියේ මාවත් ඉගැන්වූයේ කවුරු ද? උන්වහන්සේට දැනගැන්ම ඉගැන්වූයේ කවරෙක් ද? නොහොත් තේරුම්ගැන්මේ මාර්ගය උන්වහන්සේට පෙන්වා දුන්නේ කවුරු ද?

බෙදාගන්න
යෙසායා 40 SCV

යෙසායා 40:9-14 NRSV (Sinhala New Revised Version)

සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බලපරාක්‍රමයෙන් වඩින සේක. වික්‍රමයෙන් පාලනය කරන්න වඩින සේක. ත්‍යාගයන් එතුමාණෝ තමන් සමඟ ගෙන එන සේක. තම සෙනඟට විපාකයන් ප්‍රදානය කරන සේක. එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක; දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක. මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද? කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද? දැනගැන්මත්, අවබෝධයත් ලබාගැනුමටත්, යුතු අයුතු ක්‍රියා මාර්ගය වටහාගැනුමටත් එතුමාණන් සාකච්ඡා කරන්නේ කවරෙකු සමඟ ද?

බෙදාගන්න
යෙසායා 40 NRSV

යෙසායා 40:9-14 SNRV (Sinhala New Revised Version 2018)

යෙසායා 40 SNRV

යෙසායා 40:9-14 NIV (New International Version)

You who bring good news to Zion, go up on a high mountain. You who bring good news to Jerusalem, lift up your voice with a shout, lift it up, do not be afraid; say to the towns of Judah, “Here is your God!” See, the Sovereign LORD comes with power, and he rules with a mighty arm. See, his reward is with him, and his recompense accompanies him. He tends his flock like a shepherd: He gathers the lambs in his arms and carries them close to his heart; he gently leads those that have young. Who has measured the waters in the hollow of his hand, or with the breadth of his hand marked off the heavens? Who has held the dust of the earth in a basket, or weighed the mountains on the scales and the hills in a balance? Who can fathom the Spirit of the LORD, or instruct the LORD as his counselor? Whom did the LORD consult to enlighten him, and who taught him the right way? Who was it that taught him knowledge, or showed him the path of understanding?

බෙදාගන්න
යෙසායා 40 NIV