යෙසායා 35:8-10 - Compare All Versions
යෙසායා 35:8-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහි මහ මාවතක් වන්නේ ය. ශුද්ධත්වයේ මාර්ගය නමින් එය හැඳින්වෙනු ඇත. අපවිත්‍ර කිසිවකුත් එහි ගමන් ගන්නේ නැත. එය ඒ මාර්ගයේ ඇවිදින අයට ම ය. අනුවණයින් පවා එහි මංමුළා වන්නේ නැත! සිංහයින් එහි නො වනු ඇත. රුදුරු කිසි සතකු එහි නැගිටිනු නැත. උන් කිසිවකු එහිදී දැකිය නො හැක. එහෙත් මුදනු ලැබූවන් පමණක් එහි ගමන් ගනු ඇත. ස්වාමින්වහන්සේ විසින් මුදනු ලැබූවන් යළි පෙරළා එනු ඇත. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.
යෙසායා 35:8-10 SROV (Sinhala Revised Old Version)
එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත. සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය. ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
යෙසායා 35:8-10 NRSV (Sinhala New Revised Version)
ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ. සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති, සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති. ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
යෙසායා 35:8-10 SNRV (Sinhala New Revised Version 2018)
ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ. සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති, සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති. ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
යෙසායා 35:8-10 NIV (New International Version)
And a highway will be there; it will be called the Way of Holiness; it will be for those who walk on that Way. The unclean will not journey on it; wicked fools will not go about on it. No lion will be there, nor any ravenous beast; they will not be found there. But only the redeemed will walk there, and those the LORD has rescued will return. They will enter Zion with singing; everlasting joy will crown their heads. Gladness and joy will overtake them, and sorrow and sighing will flee away.