යෙසායා 32:5-7 - Compare All Versions

යෙසායා 32:5-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අඥානයා උත්තමයකැ යි තවත් කියනු නො ලැබේ. අධමයා, තවදුරටත් ගරු කටයුතු ලෙස නො සැලකේ. මන්ද අඥානයා, මෝඩ කතා කියයි. ඔහුගේ හදවත, දුෂ්ටකමෙහි ම ය: ඔහු අභක්තික ක්‍රියා කරමින් ස්වාමින්වහන්සේ ගැන මුසා පතුරුවයි. කුස ගිනිවූවන් හාමතේ තබන ඔහු, පිපාසවූවන් වෙතින් ජලය වළක්වයි. අධමයාගේ මාධ්‍යය දුෂ්ටකම ය. දුගියාගේ අයැදුම සාධාරණ වුව ද, දුප්පතුන් විනාශ කරන පිණිස, ඔහු මුසා පවසමින්, නපුරු උපා යොදයි.

බෙදාගන්න
යෙසායා 32 SCV

යෙසායා 32:5-7 SROV (Sinhala Revised Old Version)

අධමයා උත්තමයෙක්ය කියාවත් ප්‍රයෝගකාරයා ගුණවන්තයෙක්ය කියාවත් තවත් කියනු නොලබන්නේය. මක්නිසාද අධමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන්වහන්සේට විරුද්ධව අපහාස කථාකරමින්ද බඩගිනි අයගේ ප්‍රාණය හිස්කරමින්ද පිපාසා ඇත්තාගේ පානය අහක්කරමින්ද දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය. ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය.

බෙදාගන්න
යෙසායා 32 SROV

යෙසායා 32:5-7 NRSV (Sinhala New Revised Version)

‘අධමයා උත්තමයෙක් ය’ කියාවත්, කපටියා ගුණවන්තයෙක් ය’ කියාවත් තවත් කියනු නොලබන්නේ ය. අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත. ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.

බෙදාගන්න
යෙසායා 32 NRSV

යෙසායා 32:5-7 SNRV (Sinhala New Revised Version 2018)

‘අධමයා උත්තමයෙක් ය’ කියාවත්, කපටියා ගුණවන්තයෙක් ය’ කියාවත් තවත් කියනු නොලබන්නේ ය. අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත. ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.

බෙදාගන්න
යෙසායා 32 SNRV

යෙසායා 32:5-7 NIV (New International Version)

No longer will the fool be called noble nor the scoundrel be highly respected. For fools speak folly, their hearts are bent on evil: They practice ungodliness and spread error concerning the LORD; the hungry they leave empty and from the thirsty they withhold water. Scoundrels use wicked methods, they make up evil schemes to destroy the poor with lies, even when the plea of the needy is just.

බෙදාගන්න
යෙසායා 32 NIV