යෙසායා 28:14-16 - Compare All Versions

යෙසායා 28:14-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් යෙරුසලමෙහි මෙම ජනයා පාලනය කරන ගරහන්නනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙනු. නුඹලා උදම් අනමින් කියා සිටියේ, “මරණය සමඟ අපි ගිවිසුමක් කළෙමු. ෂෙයෝලය සමඟ අපි එකඟත්වයට පැමිණියෙමු. විනාශයේ සබුක්කු පහර ගලා හැලෙන කල, අපට ළං වීමට ඊට නුපුළුවන. මන්ද බොරුව අපේ රැකවරණය ද මුසාව අපේ සැඟවුම් පොළ ද කර ගත් බැවිනි” කියා ය. එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: “මෙන්න! මම සියොනෙහි අත්තිවාරමක් වශයෙන් ගලක්, අත්දුටු ගලක් තබමි. එය නියත අත්තිවාරමක් වන අනර්ඝ කොනේ ගලකි. විශ්වාසය තබන්නා, කිසි කලෙකත් සසල නො වේ.

බෙදාගන්න
යෙසායා 28 SCV

යෙසායා 28:14-16 SROV (Sinhala Revised Old Version)

එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය. ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.

බෙදාගන්න
යෙසායා 28 SROV

යෙසායා 28:14-16 NRSV (Sinhala New Revised Version)

ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න. ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය. ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’

බෙදාගන්න
යෙසායා 28 NRSV

යෙසායා 28:14-16 SNRV (Sinhala New Revised Version 2018)

ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න. ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය. ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’

බෙදාගන්න
යෙසායා 28 SNRV

යෙසායා 28:14-16 NIV (New International Version)

Therefore hear the word of the LORD, you scoffers who rule this people in Jerusalem. You boast, “We have entered into a covenant with death, with the realm of the dead we have made an agreement. When an overwhelming scourge sweeps by, it cannot touch us, for we have made a lie our refuge and falsehood our hiding place.” So this is what the Sovereign LORD says: “See, I lay a stone in Zion, a tested stone, a precious cornerstone for a sure foundation; the one who relies on it will never be stricken with panic.

බෙදාගන්න
යෙසායා 28 NIV