යෙසායා 23:1-18

යෙසායා 23:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයයි: වැලපෙනු! එම්බා තර්ෂිෂ්හි නෞකාවනි, මන්ද එහි ගෙයක් හෝ වරායක් හෝ නැතිව තීර් විනාශ කරන ලද්දේ ය. සයිප්‍රස් දේශයෙන් එය ඔවුන්ට එළිදරවු කෙරිණ. නිශ්චල වන්න! එම්බා මුහුදුබඩ වෙසෙන්නෙනි, මුහුද තරණය කළ සීදොන් වෙළඳුන් ඔබ පුරවා තිබේ. බොහෝ ජල මත නයිල් ගඟේ අස්වැන්න වන ෂීහොර් ඔයේ ධාන්‍ය ඔබගේ ආදායම වූයේ ය. ජාතීන්ගේ වෙළෙන්දා වූයේ ඔබ ය. ලජ්ජා වනු! එම්බා මුහුදු බළකොටුව වන සීදොන්, මන්ද මුහුද මෙසේ කතා කර ඇත: “මම ප්‍රසව වේදනා නො වින්දෙමි. දරුවන් ද බිහි නො කළෙමි. මම පුතුන් ඇතිදැඩි නො කළෙමි. දූවරුන් ද හදා-වඩා නො ගත්තෙමි.” ආරංචිය ඊජිප්තුවට පැමිණි කල, තීර් වෙතින් වූ තොරතුරු ගැන ඔවුන් සංවේගයට පත් වනු ඇත. තර්ෂිෂ් වෙත එතෙර වන්න. අහෝ මුහුදුබඩ වෙසෙන්නෙනි, වැලපෙන්න. දුර ඈත පදිංචි කරවීමට තම දෙපයින් ගෙන යන ලද පුරාණ දවස්වල පටන් සම්භවයක් හිමි ඔබගේ සෙල්ලක්කාර නගරය ද මේ? එහි වෙළඳුන් අධිපතීන් වූ, එහි ව්‍යාපාරිකයින් මිහි මත ගරුතරයින් වූ, ඔටුනු පිරිනමන්නා වන තීර්ට එරෙහිව මෙය සැලසුම් කළේ කවුරු ද? සේනාංකවල ස්වාමින්වහන්සේ එය සැලසුම් කළ සේක. එසේ කළේ, එහි මුළු තේජසේ අහංකාරය බිඳින්නටත්, මිහි පිට ගෞරවනීය සියල්ලන් අගෞරවයට පත් කරන්නටත් ය. නයිල් ගංගාව සේ, ඔබේ දේශය තරණය කරන්න. එම්බා තර්ෂිෂ් දියණියනි, මන්ද තවදුරටත් ඔබට අවහිරයක් නැත. ස්වාමින්වහන්සේ ස්වකීය හස්තය මුහුදට ඉහළින් ඔසවා, එහි රාජධානි සැලෙන්නට සැලසූ සේක. කානාන්හි බළකොටු විනාශ කරන ලෙසට ස්වාමින්වහන්සේ අණක් දුන් සේක. තවද උන්වහන්සේ මෙසේ කී සේක: “අහෝ දැන් තලා පෙළා දමනු ලැබ සිටින සීදොන් කන්‍යා දියණියනි, නුඹට මින් මතු ප්‍රීති ප්‍රමෝදය නැත. “නැගිටිනු; සයිප්‍රසය වෙත එගොඩ වනු. එහිදීවත් ඔබට නිස්කලංකයක් නො වනු ඇත.” අන්න! කල්දිවරුන්ගේ දේශය! මේ නම් නො සිටි ජනතාවකි. අසිරියාව එය කාන්තාර මෘගයින් සඳහා නියම කළේ ය. ඔවුහු වැටලුම් කොත් ගොඩ නගා, ඇගේ මාලිගා නාස්ති කර දමා, එය නටබුන් කළහ. වැලපෙන්න. එම්බා තර්ෂිෂ්හි නෞකාවනි, ඔබේ බළකොටුව වනසා ඇත. ඒ දවසේ තීර් අමතක ව යන්නේ රජකුගේ දවස් වැනි අවුරුදු හැත්තෑවකට ය. එහෙත් ඒ හැත්තෑ අවුරුදු අවසානයේදී වෙසඟනකගේ ගීතය මෙන් තීර්ට සිදු වනු ඇත: “අමතක ව ගිය එම්බා වෙසඟන, වීණාවක් ගෙන නගරයෙහි සැරිසරන්න. යළි ඔබ සිහිපත් කරවන පිණිස, වීණාව මිහිරෙන් වයා, බොහෝ ගී ගයන්න.” අවුරුදු හැත්තෑව අවසානයේ ස්වාමින්වහන්සේ තීර් බැහැදකින සේක. යළි ඇය පණයම් ඉපැයීමට හැරී යනු ඇත. මිහිතලය පිට ඇති ලොව සියලු රාජ්‍යයන් සමඟ ඇය වේශ්‍යා වෘත්තියේ නියැළෙනු ඇත. ඇගේ වෙළඳාම් ලාභය හා ඇගේ ආදායමත් ස්වාමින්වහන්සේට වෙන් කෙරෙනු ඇත. ඒවා ගබඩා කර තබන්නේවත්, සඟවා තබන්නේවත් නැත. ඇගේ වෙළඳාම් ලාභය මගින් ස්වාමින්වහන්සේ අබියස වෙසෙන්නන්ට අධික ආහාර සඳහාත්, අනගි ඇඳුම් සඳහාත් වනු ඇත.

යෙසායා 23:1-18 Sinhala Revised Old Version (SROV)

තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද ගෙයක්වත් ඇතුල්වෙන තැනක්වත් නැති තරමට ඒක නාස්තිවිය. කිත්තිවරුන්ගේ දේශයෙන් ඒක ඔවුන්ට ආරංචිවිය. මුහුදු බඩ වැසියෙනි, නිශ්ශබ්ද වෙන්න; මුහුදේ යාත්‍රාකරන ශීදොන් වෙළඳුන් විසින් නුඹ පූර්ණකොට තිබේ. මහා ජලයන් කරණකොටගෙන ෂිහොර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය. එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුදු, එනම් මුහුද බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය. එය මිසරයට සැලවූ කල තීර්හි ආරංචිය ගැන ඔවුන්ට තද ශෝක ඇතිවන්නේය. තර්ෂිෂ්ට යාත්‍රාකරන්න; මුහුදුබඩ වැසියෙනි, කෑමොරගසන්න. පුරාණ කාලයේ සිට පවත්නාවූ, වාසය පිණිස බොහෝ දුර පයින් ගමන්ගත් නුඹලාගේ ප්‍රීතිමත් නුවර මේකද? ඔටුනු පළඳ වන නුවරවූ තීර්ට විරුද්ධව මේක යෝජනාකළේ කවුද? ඇගේ වෙළෙන්දෝ අධිපතියෝය, ඇගේ ගනුදෙනුකාරයෝ පොළොවේ නම්බුකාරයෝය. සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක. එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත. උන්වහන්සේ තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිගුකර රාජ්‍යයන් සෙල්වූසේක. කානාන්හි බලකොටු නැතිකරන ලෙස ස්වාමීන්වහන්සේ ඒ ගැන අණකළසේක. බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක. කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය. තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න. මක්නිසාද නුඹලාගේ බලකොටුව නාස්තිවිය. තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය. එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න. තවද අවුරුදු සැත්තෑවකට පසුව ස්වාමීන්වහන්සේ තීර් දෙස බලනසේක, ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමඟ ගනුදෙනුකරනවා ඇත. ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.

යෙසායා 23:1-18 Sinhala New Revised Version (NRSV)

තීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත. සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න. ඔබේ දූතයෝ මුහුද තරණය කළහ. මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී. එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, “මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය. තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය. පිනීසියේ සෙනඟෙනි, ශෝකයෙන් කෑමොරගසන්න. නුඹලා තර්ෂිෂ් වරායට පලා යන්න උත්සාහ කරන්නහු ද? මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද? යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද? ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද? ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය. තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත. සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත. “සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක. තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය. තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත. රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය: “අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.” අවුරුදු හැත්තෑව ගත වූ පසු සමිඳාණන් වහන්සේ තීර් වැසියන්ට සිය පරණ වෙළෙඳාමට යන්න ඉඩ හරින සේක. ඈ ලෝකයේ රට රාජ්‍යයන් සමඟ ගනුදෙනු කරනු ඇත. ඈ වෙළෙඳාමෙන් උපයන මුදල සමිඳාණන් වහන්සේට කැප කරනු ඇත. ඈ ඒ මුදල් රැස්කර තබා ගන්නේ නැත. සමිඳාණන් වහන්සේ නමදින අය කෑම හා තමන්ට වුවමනා ඇඳුම් මිලයට ගැනීමට ඒ මුදල වැය කරනු ඇත.

යෙසායා 23:1-18 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 23:1-18 New International Version (NIV)

A prophecy against Tyre: Wail, you ships of Tarshish! For Tyre is destroyed and left without house or harbor. From the land of Cyprus word has come to them. Be silent, you people of the island and you merchants of Sidon, whom the seafarers have enriched. On the great waters came the grain of the Shihor; the harvest of the Nile was the revenue of Tyre, and she became the marketplace of the nations. Be ashamed, Sidon, and you fortress of the sea, for the sea has spoken: “I have neither been in labor nor given birth; I have neither reared sons nor brought up daughters.” When word comes to Egypt, they will be in anguish at the report from Tyre. Cross over to Tarshish; wail, you people of the island. Is this your city of revelry, the old, old city, whose feet have taken her to settle in far-off lands? Who planned this against Tyre, the bestower of crowns, whose merchants are princes, whose traders are renowned in the earth? The LORD Almighty planned it, to bring down her pride in all her splendor and to humble all who are renowned on the earth. Till your land as they do along the Nile, Daughter Tarshish, for you no longer have a harbor. The LORD has stretched out his hand over the sea and made its kingdoms tremble. He has given an order concerning Phoenicia that her fortresses be destroyed. He said, “No more of your reveling, Virgin Daughter Sidon, now crushed! “Up, cross over to Cyprus; even there you will find no rest.” Look at the land of the Babylonians, this people that is now of no account! The Assyrians have made it a place for desert creatures; they raised up their siege towers, they stripped its fortresses bare and turned it into a ruin. Wail, you ships of Tarshish; your fortress is destroyed! At that time Tyre will be forgotten for seventy years, the span of a king’s life. But at the end of these seventy years, it will happen to Tyre as in the song of the prostitute: “Take up a harp, walk through the city, you forgotten prostitute; play the harp well, sing many a song, so that you will be remembered.” At the end of seventy years, the LORD will deal with Tyre. She will return to her lucrative prostitution and will ply her trade with all the kingdoms on the face of the earth. Yet her profit and her earnings will be set apart for the LORD; they will not be stored up or hoarded. Her profits will go to those who live before the LORD, for abundant food and fine clothes.