යෙසායා 20:3-4
යෙසායා 20:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ කතා කළ සේක්, “මගේ මෙහෙකරු වූ යෙසායා නිරුවතින් හා නිරාවරණ දෙපයින් ඊජිප්තුවට හා කූෂ් දේශයට එරෙහිව ලකුණක් ද නිමිත්තක් ද වශයෙන් තුන් වසරක් ඇවිද්ද සේ, ඊජිප්තුවට නින්දා වන පිණිස, ඊජිප්තු වහල් සිරකරුවන් හා කූෂ් ජාතික පිටවහලුන් යන තරුණයෝ හා මහල්ලෝ, අසිරියානු රජු විසින් නිරුවත් ව හා නිරාවරණ දෙපයින් ඔවුන්ගේ තට්ටම් පෙනි, පෙනී ඉවත ගෙන යනු ලබති.
යෙසායා 20:3-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ මෙහෙකරුවූ යෙසායා තුන් අවුරුද්දක් මිසරය ගැනත් කූෂ් දේශය ගැනත් ලකුණක්ද පුදුමයක්ද වශයෙන් වස්ත්රද වහන්ද නැතුව ඇවිද්දාක්මෙන්, අෂූර්හි රජ වාලට ගන්නාලද මිසරවරුන්ද පිටිවහල්ව සිටින කූෂ්වරුන්ද රැගෙන, වස්ත්ර හා වහන් නැතුව, ඔවුන්ගේ තට්ටම් නග්නව තිබෙද්දී, මිසරයට නින්දාවක් කොට ගෙනයනවා ඇත.
යෙසායා 20:3-4 Sinhala New Revised Version (NRSV)
අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි. අසිරියාවේ රජ මේ දෙරටින් අල්ලාගත් සිරකරුවන් නග්නකර, වහල්කමට ගෙන යන්නේ ය. මිසරයට නින්දාවක් පමුණුවමින් බාල මහලු සියලු දෙනා පාවහන් නැති ව නග්න ව, ඉණ ඉහ නැති ව ගමන් ගන්නෝ ය.
යෙසායා 20:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි. අසිරියාවේ රජ මේ දෙරටින් අල්ලාගත් සිරකරුවන් නග්නකර, වහල්කමට ගෙන යන්නේ ය. මිසරයට නින්දාවක් පමුණුවමින් බාල මහලු සියලු දෙනා පාවහන් නැති ව නග්න ව, ඉණ ඉහ නැති ව ගමන් ගන්නෝ ය.
යෙසායා 20:3-4 New International Version (NIV)
Then the LORD said, “Just as my servant Isaiah has gone stripped and barefoot for three years, as a sign and portent against Egypt and Cush, so the king of Assyria will lead away stripped and barefoot the Egyptian captives and Cushite exiles, young and old, with buttocks bared—to Egypt’s shame.