යෙසායා 12:4-6
යෙසායා 12:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත: “ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න. උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා, උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න. ස්වාමින්වහන්සේට ගායනා කරන්න. මන්ද උන්වහන්සේ අති විශිෂ්ට දෑ කර ඇත. පොළොව මුළුල්ලේ එය දැනගන්නට සලස්වන්න. සියොනෙහි වැසියෙනි, උස් හඬින් මොර ගසා, ප්‍රීතියෙන් ගී ගයන්න. මන්ද ඔබ මධ්‍යයේ සිටින ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ උත්තම බැවිනි.”
යෙසායා 12:4-6 Sinhala Revised Old Version (SROV)
ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න. ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය. එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.
යෙසායා 12:4-6 Sinhala New Revised Version (NRSV)
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: “සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. “සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න. සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
යෙසායා 12:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. “සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න. සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
යෙසායා 12:4-6 New International Version (NIV)
In that day you will say: “Give praise to the LORD, proclaim his name; make known among the nations what he has done, and proclaim that his name is exalted. Sing to the LORD, for he has done glorious things; let this be known to all the world. Shout aloud and sing for joy, people of Zion, for great is the Holy One of Israel among you.”