යෙසායා 10:1-2
යෙසායා 10:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අයුක්ති සහගත නියමයන් නියම කරන්නට හා පීඩාදායි නියෝග ලියන ලියන්නන්ට දුක් පැමිණේ! ඒවා පැනවෙන්නේ, දුප්පතුන්ගේ අයිතිවාසිකම් අහිමි කරන්නටත්, මගේ ජනයා අතර පීඩිතයින්ගෙන් යුක්තිය වළක්වන්නටත්, වැන්දඹු කතුන් තමන්ගේ ගොදුර කර ගැනීමටත්, පියා නැති අනාථ දරුවන් කොල්ලකෑමටත් ය.
යෙසායා 10:1-2 Sinhala Revised Old Version (SROV)
දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්, අධර්මිෂ්ඨ නියෝග නියමකරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!
යෙසායා 10:1-2 Sinhala New Revised Version (NRSV)
මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත! එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය. වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.
යෙසායා 10:1-2 Sinhala New Revised Version 2018 (SNRV)