යෙසායා 1:2-18

යෙසායා 1:2-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එම්බා අහස් තලයෙනි, මේ අසනු! එම්බා පොළොව, සවන් දෙනු! මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක: “මම දරුවන් හදා-වඩා, ඇතිදැඩි කළෙමි. එහෙත් ඔවුහු මට එරෙහිව කැරලි ගැසූහ. ගොනා උගේ හාම්පුතා ද බූරුවා උගේ හිමිකරුගේ ගාල ද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත; මගේ ජනයා වටහා ගන්නේ නැත.” අහෝ, පව්කාර ජාතියක් ද අයුතුකමෙන් බර ජනතාවක් ද දුෂ්ටකම් කරන්නවුන්ගේ පැටවුන් ද දූෂිතයට ගැති දරුවන් ද වන ඔවුහු ස්වාමින්වහන්සේ අත්හැරියහ. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ හෙළා දුටු ඔවුහු, උන්වහන්සේට තම පසු පස හැරවූහ. කුමට තවත් නුඹලා තැළුම් ලබන්නහු ද? කුමට කැරලිකාරකමෙහි එල්බ සිටින්නහු ද? මුළු හිස ම ලෙඩ වී ඇත. හදවත මුළුමනින් මුර්ජාවට පත් ව ඇත. ඔබේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා කිසි තැනක සනීපයක් නැත. ඇත්තේ තුවාල ද කැළැල් ද අමු වණ ද පමණි. ඒවා පිරිසිදු කොට නැත. වෙළා නැත. තෙල් ගල්වා, සනහා නැත. ඔබේ රට පාළු වී ඇත. ඔබේ නගර ගින්නෙන් දවනු ලැබ ඇත. ඔබේ දේශය ඔබේ ඇස් ඉදිරිපිටදී ම විදෙස්සන් අතින් වැනසේ. විදෙස්සන් විසින් බිඳ හෙළන ලද සේ එය වැනසී ඇත. සියොන් දියණිය අත්හරිනු ලැබ ඇත්තේ, මිදි වත්තක මඩුවක් ලෙසිනි. කැකිරි යායක පැලක් ලෙසිනි. වටලන ලද නුවරක් ලෙසිනි. සේනාංකවල ස්වාමින්වහන්සේ ජීවත් ව ඉතිරි ස්වල්ප දෙනකු අපට ඉතිරි කර නො තිබිණි නම්, අප, සොදොමට සමාන වන්නට තිබිණි. අප, ගොමොරාව මෙන් වන්නට තිබිණි. සොදොම් පාලකයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ගොමොරා ජනතාවනි, අපේ දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දෙනු. “නුඹලාගේ නිමක් නැති පූජා, මට කුමකට දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. බැටළු-දවන යාග පූජා හා තර කළ සතුන්ගේ මේදය, පමණටත් වඩා මට ඇත. ගවයින්ගේ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයේ, මට කිසි ප්‍රසන්නතාවක් නැත. මා අබියස පෙනී සිටින්නට එන කල, මගේ මිදුල් මෙසේ පාගන්නට ඔබට කීවේ කවුරු ද? නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න. ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි. නව සඳ හා සබත් ද සභා සමුළු යන ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක. ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට බරක් වී ඇත. ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. ඔබේ අත් ඔබ දිගු කරන කල, මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි. වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්, මම සවන් නො දෙන්නෙමි. ඔබේ අත් ලෙයින් පිරී ඇත. ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න. මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න. වැරදි කිරීම නවතන්න. හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න. පීඩා කරන්නන් නිවැරදි කරන්න. පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න. වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. “දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත.

යෙසායා 1:2-18 Sinhala Revised Old Version (SROV)

ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය. ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක. අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය. නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ. පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත. නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ. සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය. සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව. සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න. නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි. නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද? නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි. නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න. යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න. ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.

යෙසායා 1:2-18 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ. ගවයාට උගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත; කොටළුවාට උගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත. එහෙත්, මාගේ ඉශ්රායෙල් සෙනඟට එවැනි දැනුමක් නැත. මාගේ සෙනඟට තේරුම්ගැන්මක් කොහෙත්ම නැත.” අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත. ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය. හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නිරෝගී තැනක් ඔබට නැත. තුවාළවලින් ද තැළීම්වලින් ද පැසවන වණවලින් ද ඔබේ සිරුර පිරී ඇත. ඔබේ තුවාළ සෝදා බැඳ නැත; ඒවාට බෙහෙත් තෙල් දමා නැත. ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත. ජෙරුසලම වනාහි මිදි වත්තක මඩුවක් මෙන් ද කැකිරි වත්තක පැල්පතක් මෙන් ද ආරක්ෂා රහිත වූ වටලනු ලැබූ නගරයක් මෙන් ද යන්තමින් ඉතිරි වී ඇත. සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි. එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න. එතුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද? බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත. එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත. නුඹලා මා නමදින්න පැමිණෙන විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක් ද? එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක් ද? ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත. නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙළා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි. මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත. ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න. යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න. ‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.

යෙසායා 1:2-18 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 1:2-18 New International Version (NIV)

Hear me, you heavens! Listen, earth! For the LORD has spoken: “I reared children and brought them up, but they have rebelled against me. The ox knows its master, the donkey its owner’s manger, but Israel does not know, my people do not understand.” Woe to the sinful nation, a people whose guilt is great, a brood of evildoers, children given to corruption! They have forsaken the LORD; they have spurned the Holy One of Israel and turned their backs on him. Why should you be beaten anymore? Why do you persist in rebellion? Your whole head is injured, your whole heart afflicted. From the sole of your foot to the top of your head there is no soundness— only wounds and welts and open sores, not cleansed or bandaged or soothed with olive oil. Your country is desolate, your cities burned with fire; your fields are being stripped by foreigners right before you, laid waste as when overthrown by strangers. Daughter Zion is left like a shelter in a vineyard, like a hut in a cucumber field, like a city under siege. Unless the LORD Almighty had left us some survivors, we would have become like Sodom, we would have been like Gomorrah. Hear the word of the LORD, you rulers of Sodom; listen to the instruction of our God, you people of Gomorrah! “The multitude of your sacrifices— what are they to me?” says the LORD. “I have more than enough of burnt offerings, of rams and the fat of fattened animals; I have no pleasure in the blood of bulls and lambs and goats. When you come to appear before me, who has asked this of you, this trampling of my courts? Stop bringing meaningless offerings! Your incense is detestable to me. New Moons, Sabbaths and convocations— I cannot bear your worthless assemblies. Your New Moon feasts and your appointed festivals I hate with all my being. They have become a burden to me; I am weary of bearing them. When you spread out your hands in prayer, I hide my eyes from you; even when you offer many prayers, I am not listening. Your hands are full of blood! Wash and make yourselves clean. Take your evil deeds out of my sight; stop doing wrong. Learn to do right; seek justice. Defend the oppressed. Take up the cause of the fatherless; plead the case of the widow. “Come now, let us settle the matter,” says the LORD. “Though your sins are like scarlet, they shall be as white as snow; though they are red as crimson, they shall be like wool.