යෙසායා 1:10-15
යෙසායා 1:10-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සොදොම් පාලකයිනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ගොමොරා ජනතාවනි, අපේ දෙවියන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දෙනු. “නුඹලාගේ නිමක් නැති පූජා, මට කුමකට දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. බැටළු-දවන යාග පූජා හා තර කළ සතුන්ගේ මේදය, පමණටත් වඩා මට ඇත. ගවයින්ගේ, බැටළු පැටවුන්ගේ හා එළුවන්ගේ ලෙයේ, මට කිසි ප්‍රසන්නතාවක් නැත. මා අබියස පෙනී සිටින්නට එන කල, මගේ මිදුල් මෙසේ පාගන්නට ඔබට කීවේ කවුරු ද? නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න. ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි. නව සඳ හා සබත් ද සභා සමුළු යන ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක. ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට බරක් වී ඇත. ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි. ඔබේ අත් ඔබ දිගු කරන කල, මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි. වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්, මම සවන් නො දෙන්නෙමි.
යෙසායා 1:10-15 Sinhala Revised Old Version (SROV)
සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න. නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි. නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද? නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි. නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
යෙසායා 1:10-15 Sinhala New Revised Version (NRSV)
එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න. එතුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද? බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත. එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත. නුඹලා මා නමදින්න පැමිණෙන විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක් ද? එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක් ද? ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත. නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙළා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි. මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
යෙසායා 1:10-15 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 1:10-15 New International Version (NIV)
Hear the word of the LORD, you rulers of Sodom; listen to the instruction of our God, you people of Gomorrah! “The multitude of your sacrifices— what are they to me?” says the LORD. “I have more than enough of burnt offerings, of rams and the fat of fattened animals; I have no pleasure in the blood of bulls and lambs and goats. When you come to appear before me, who has asked this of you, this trampling of my courts? Stop bringing meaningless offerings! Your incense is detestable to me. New Moons, Sabbaths and convocations— I cannot bear your worthless assemblies. Your New Moon feasts and your appointed festivals I hate with all my being. They have become a burden to me; I am weary of bearing them. When you spread out your hands in prayer, I hide my eyes from you; even when you offer many prayers, I am not listening.