යෙසායා 1:1-4

යෙසායා 1:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උස්සියා, යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදාහි රජවරුන්ගේ පාලන දවස්වලදී යූදා හා යෙරුසලම ගැන ආමෝස්ගේ පුත්‍ර යෙසායා දුටු දර්ශනය ය. එම්බා අහස් තලයෙනි, මේ අසනු! එම්බා පොළොව, සවන් දෙනු! මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක: “මම දරුවන් හදා-වඩා, ඇතිදැඩි කළෙමි. එහෙත් ඔවුහු මට එරෙහිව කැරලි ගැසූහ. ගොනා උගේ හාම්පුතා ද බූරුවා උගේ හිමිකරුගේ ගාල ද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත; මගේ ජනයා වටහා ගන්නේ නැත.” අහෝ, පව්කාර ජාතියක් ද අයුතුකමෙන් බර ජනතාවක් ද දුෂ්ටකම් කරන්නවුන්ගේ පැටවුන් ද දූෂිතයට ගැති දරුවන් ද වන ඔවුහු ස්වාමින්වහන්සේ අත්හැරියහ. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ හෙළා දුටු ඔවුහු, උන්වහන්සේට තම පසු පස හැරවූහ.

යෙසායා 1:1-4 Sinhala Revised Old Version (SROV)

යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය. ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය. ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක. අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.

යෙසායා 1:1-4 Sinhala New Revised Version (NRSV)

ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ. ගවයාට උගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත; කොටළුවාට උගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත. එහෙත්, මාගේ ඉශ්රායෙල් සෙනඟට එවැනි දැනුමක් නැත. මාගේ සෙනඟට තේරුම්ගැන්මක් කොහෙත්ම නැත.” අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.

යෙසායා 1:1-4 Sinhala New Revised Version 2018 (SNRV)