හොසියා 6:4-10

හොසියා 6:4-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එම්බා එප්‍රායිම්, නුඹ ගැන මම කුමක් කරම් ද? එම්බා යූදා, නුඹ ගැන මම කුමක් කරම් ද? නුඹගේ ප්‍රේමය හිමිදිරියේ මී-දුම වැන්න, අලුයම් උදයේ වියැකී යන පිණිකැට වැන්න. එබැවින් මගේ දිවැසිවරුන් මගින් මම ඔවුන් කපා දැමුවෙමි. මගේ මුවෙහි වචනවලින් මම ඔවුන් මරා දැමුවෙමි. මගේ විනිශ්චය පෙරට ඇදෙන්නේ විදුලිය සේ ය. මන්ද මම යාග පූජාවට නො ව, දයාවට ආශා ඇත්තෙමි. දවන යාග පූජාවට වඩා දෙවියන්වහන්සේ දැනගැනීමට ආශා ඇත්තෙමි. එහෙත් ඔවුහු ආදම් මෙන් ගිවිසුම කැඩූහ. එහිදී ඔවුහු මට ද්‍රෝහි වූහ. ගිලියාද් යනු ලේ-පා සටහන් ඇති, දුෂ්ටයින්ගේ පුරවරයකි. පූජකයින් කාණ්ඩ ගැසෙන්නේ, කොල්ලකරුවන් මිනිසකු එන තුරා රහසේ රැක සිටින සේ ය; ඔවුහු ෂෙකෙම් වෙත දිවෙන මාර්ගයේ රැක සිට, මිනී මරති. නින්දිත දෑ කරති. ඉශ්‍රායෙල් වංශය මධ්‍යයේ අජූව දෙයක් මම දැක ඇත්තෙමි: එප්‍රායිම්ගේ වේශ්‍යාකම් නිසා, ඉශ්‍රායෙල් අපවිත්‍ර කෙරේ.

හොසියා 6:4-10 Sinhala Revised Old Version (SROV)

අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය. එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය. මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි. නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය. ගිලියද් අපරාධකාරයන්ගේ නුවරක්ය, ලේමය අඩිවලින් එය පිරී තිබේ. කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ. ඉශ්‍රායෙල් වංශය අතරෙහි භයංකර දෙයක් මා විසින් දැක තිබේ. එහි එප්‍රායිම්ගේ වේශ්‍යාකම ඇත්තේය, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටින්නේය.

හොසියා 6:4-10 Sinhala New Revised Version (NRSV)

“අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය. එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය. මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.” “ඉශ්රායෙල් සෙනඟ සමඟ අද්මා නම් ස්ථානයේ දී මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ගිලියද් වනාහි නපුරු මිනිසුන්ගෙන් ද මිනී මරුවන්ගෙන් ද ගහණ වූ නගරයකි. පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය. භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.

හොසියා 6:4-10 Sinhala New Revised Version 2018 (SNRV)