හොසියා 6:2-3
හොසියා 6:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙදිනකට පසු, උන්වහන්සේ අප පුබුදුවන සේක. තුන් වන දවසේ උන්වහන්සේ අප නැගිටුවන සේක. ඒ, උන්වහන්සේ අබිමුවේ අප ජීවත් වන පිණිස ය. අපි හැඳිනගනිමු; ස්වාමින්වහන්සේ හැඳින ගැනීමට උත්සුක වමු. හිරු පායන සේ, සැබවින් ම උන්වහන්සේ පිටත් ව එන සේක. පොළොව ජල ගන්වන මෝසම් වැසි මෙන් වැස්ස වගේ උන්වහන්සේ අප වෙත එන සේක.”
හොසියා 6:2-3 Sinhala Revised Old Version (SROV)
දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත. එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.
හොසියා 6:2-3 Sinhala New Revised Version (NRSV)
දෙදිනකට පසු උන් වහන්සේ අප ප්රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු. අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.
හොසියා 6:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
දෙදිනකට පසු උන් වහන්සේ අප ප්රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු. අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.
හොසියා 6:2-3 New International Version (NIV)
After two days he will revive us; on the third day he will restore us, that we may live in his presence. Let us acknowledge the LORD; let us press on to acknowledge him. As surely as the sun rises, he will appear; he will come to us like the winter rains, like the spring rains that water the earth.”