හෙබ්‍රෙව් 9:4-5 - Compare All Versions
හෙබ්‍රෙව් 9:4-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහි රනින් කළ දුම් පූජාසනය ද හැම පැත්ත ම රනින් වැසූ ගිවිසුම් කරඬුව ද ඒ තුළ මන්නා දැමූ මංජුසාව ද ආරොන්ගේ දළු ලෑ සැරයටිය ද ගිවිසුමේ ගල් පුවරු ද තිබිණ. ඊට ඉහළින්, කරුණාසනය ආවරණ කර ගත් තේජසේ කෙරුබ්වරු වූහ. මේ දෑ ගැන සවිස්තර ව කතා කරන්නට දැන් බැරි ය.
හෙබ්‍රෙව් 9:4-5 SROV (Sinhala Revised Old Version)
එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය. ඒක උඩ තේජසේ කෙරුබ්වරු කරුණාසනය වසාගන සිටියෝය; දැන් මේවා ගැන වෙන් වශයෙන් කථාකරන්ට අපට නුපුළුවන.
හෙබ්‍රෙව් 9:4-5 NRSV (Sinhala New Revised Version)
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත.
හෙබ්‍රෙව් 9:4-5 SNRV (Sinhala New Revised Version 2018)
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත.
හෙබ්‍රෙව් 9:4-5 NIV (New International Version)
which had the golden altar of incense and the gold-covered ark of the covenant. This ark contained the gold jar of manna, Aaron’s staff that had budded, and the stone tablets of the covenant. Above the ark were the cherubim of the Glory, overshadowing the atonement cover. But we cannot discuss these things in detail now.