හෙබ්‍රෙව් 9:1-14 - Compare All Versions

හෙබ්‍රෙව් 9:1-14 SROV (Sinhala Revised Old Version)

තවද පළමුවෙනි ගිවිසුමට පවා දේවමෙහෙයේ නියෝගද භූමික ශුද්ධස්ථානයද තිබුණේය. මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය; ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය. එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය. ඒක උඩ තේජසේ කෙරුබ්වරු කරුණාසනය වසාගන සිටියෝය; දැන් මේවා ගැන වෙන් වශයෙන් කථාකරන්ට අපට නුපුළුවන. ඉඳින් මේ දේවල් මෙසේ සූදානම්කොට තිබෙද්දී, පූජකයෝ මෙහෙයන් ඉෂ්ටකරමින් නිතරම පළමුවෙනි මණ්ඩපයට ඇතුල් වෙති. නුමුත් දෙවෙනි මණ්ඩපයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල්වේ. ඒත් ලේ නැතුව නොවේය, ඒ ලේ ඔහු තමා උදෙසාත් සෙනඟගේ වැරදි උදෙසාත් ඔප්පුකරන්නේය. මෙයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් හඟවන්නේ ඒ පළමුවෙනි මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශවී නැති බවය. ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණයක්ය. ඒ ප්‍රකාරයට හෘදයසාක්ෂිය සම්බන්ධව සේවයකරන්නා සම්පූර්ණකරන්ට නොහැකිවූ පඬුරු සහ පූජා ඔප්පුකරනු ලබන්නේය. මේවා (කෑමවලින්ද බීමවලින්ද නානාප්‍රකාර සේදීම්වලින්ද යුක්තවූ,) සකස්කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝගවා පමණක්ය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සම්පූර්ණවූ අතින් නොසෑදුවාවූ, එනම් මේ [භූමික] මැවිල්ලට අයිති නොවන්නාවූ මණ්ඩපය මැදින්, එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක. මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්, කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?

බෙදාගන්න
හෙබ්‍රෙව් 9 SROV

හෙබ්‍රෙව් 9:1-14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පළමු ගිවිසුමට අදාළ ව පවා, නමස්කාරය පිළිබඳ රෙගුලාසි හා භූමික ශුද්ධස්ථානයක් තිබිණ. මන්ද කූඩාරමක් පිහිටු වන ලදී. එහි පළමු කොටසේ පහන් රුක ද මේසය ද දේවාභිමුඛ රොටි ද විය. මෙය ශුද්ධස්ථානය නමින් හැඳින්විණ. දෙවන තිරයට පිටුපසින්, අතිශුද්ධස්ථානය නමින් හැඳින්වුණු දෙවන කොටස විය. එහි රනින් කළ දුම් පූජාසනය ද හැම පැත්ත ම රනින් වැසූ ගිවිසුම් කරඬුව ද ඒ තුළ මන්නා දැමූ මංජුසාව ද ආරොන්ගේ දළු ලෑ සැරයටිය ද ගිවිසුමේ ගල් පුවරු ද තිබිණ. ඊට ඉහළින්, කරුණාසනය ආවරණ කර ගත් තේජසේ කෙරුබ්වරු වූහ. මේ දෑ ගැන සවිස්තර ව කතා කරන්නට දැන් බැරි ය. මෙම සූදානම් කිරීම් පිළියෙල කොට තිබියදී, පූජකයෝ නියමිත වතාවත් ඉටු කිරීමට නිති පතා පළමු ස්ථානය තුළට යති. එහෙත් දෙවන ස්ථානය තුළට යන්නේ උත්තම පූජකයා පමණි; ඒ ද වසරකට වරකි; ඒ ද තමා උදෙසා හා සෙසු ජනයා නො දැනුවත් ව කළ පාප උදෙසා ඔප්පු කරන පිණිස, ලේ නොමැතිව නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ මෙමඟින් අඟවන්නේ ඒ පළමු ස්ථානය පවතින තුරු ශුද්ධස්ථානයට මාර්ගය තවමත් විවෘත නැති බවයි. මෙය, වත්මන් යුගයට සංකේතයකි. ඒ අනුව, නමස්කාර කරන්නාගේ හෘදය සාක්ෂිය පරිපූර්ණ කරන්නට බැරි පඬුරු හා යාග ඔප්පු කරනු ලැබේ. ඒවා නව ආරේ කාලය උදා වන තෙක්, ශරීරය උදෙසා පනවන ලද, හුදෙක් ආහාර හා පාන ද නොයෙකුත් සේදීම්වලින් ද යුක්ත රෙගුලාසි පමණි. ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ මණ්ඩපයට මැදින්, ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මගින් නො ව, තමන්වහන්සේගේ ලේ මගින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි. මන්ද මාංසයේ පවිත්‍ර වීමට, එළුවන්ගේ හා ගවයින්ගේ ලේ ද දවන ලද එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන් අපවිත්‍ර වූවන් පාරිශුද්ධ කරනු ලැබේ නම්, ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන් ම, සදාතන ආත්මයාණන් මගින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මගින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!

බෙදාගන්න
හෙබ්‍රෙව් 9 SCV

හෙබ්‍රෙව් 9:1-14 NRSV (Sinhala New Revised Version)

සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය. එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් රොටි ද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය. දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි. එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති. එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි. ඒ පළමු වන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වන සේක. මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි. මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට, උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ, එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක. උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය. එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?

බෙදාගන්න
හෙබ්‍රෙව් 9 NRSV

හෙබ්‍රෙව් 9:1-14 SNRV (Sinhala New Revised Version 2018)

සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය. එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් පූපද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය. දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි. එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති. එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි. ඒ පළමු වන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වන සේක. මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි. මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට, උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ, එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක. උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය. එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?

බෙදාගන්න
හෙබ්‍රෙව් 9 SNRV

හෙබ්‍රෙව් 9:1-14 NIV (New International Version)

Now the first covenant had regulations for worship and also an earthly sanctuary. A tabernacle was set up. In its first room were the lampstand and the table with its consecrated bread; this was called the Holy Place. Behind the second curtain was a room called the Most Holy Place, which had the golden altar of incense and the gold-covered ark of the covenant. This ark contained the gold jar of manna, Aaron’s staff that had budded, and the stone tablets of the covenant. Above the ark were the cherubim of the Glory, overshadowing the atonement cover. But we cannot discuss these things in detail now. When everything had been arranged like this, the priests entered regularly into the outer room to carry on their ministry. But only the high priest entered the inner room, and that only once a year, and never without blood, which he offered for himself and for the sins the people had committed in ignorance. The Holy Spirit was showing by this that the way into the Most Holy Place had not yet been disclosed as long as the first tabernacle was still functioning. This is an illustration for the present time, indicating that the gifts and sacrifices being offered were not able to clear the conscience of the worshiper. They are only a matter of food and drink and various ceremonial washings—external regulations applying until the time of the new order. But when Christ came as high priest of the good things that are now already here, he went through the greater and more perfect tabernacle that is not made with human hands, that is to say, is not a part of this creation. He did not enter by means of the blood of goats and calves; but he entered the Most Holy Place once for all by his own blood, thus obtaining eternal redemption. The blood of goats and bulls and the ashes of a heifer sprinkled on those who are ceremonially unclean sanctify them so that they are outwardly clean. How much more, then, will the blood of Christ, who through the eternal Spirit offered himself unblemished to God, cleanse our consciences from acts that lead to death, so that we may serve the living God!

බෙදාගන්න
හෙබ්‍රෙව් 9 NIV