හෙබ්‍රෙව් 6:10-19

හෙබ්‍රෙව් 6:10-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත. එසේ ම ඔබ හැම කෙනකු ම අවසානය දක්වා ඔබගේ බලාපොරොත්තුවේ සම්පූර්ණ සහතිකය එම උද්යෝගයෙන් ම දරා සිටිනු දැක්ම අපගේ ආශාවයි. ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මගින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන් ම ගැන දිවුරමින්, “මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි” යි කී සේක. මෙසේ ආබ්‍රහම් ඉවසිලිවත් ව බලා සිට, පොරොන්දුව ලබා ගත්තේ ය. මන්ද මිනිසුන් තමනට වඩා උසස් කෙනකු ගැන දිවුරමින් දෙන දිවුරුමෙන් ඔවුන්ගේ වාද භේද සියල්ල සමථයට පත් වේ. දෙවියන්වහන්සේ එබැවින් තම අභිප්‍රායේ වෙනස් නො වන ස්වභාව පොරොන්දුවේ උරුමකරුවනට වඩා විශ්වාසදායී ව පෙන්වා දීමට ආශා වූ සේක්, එයට දිවුරුමකින් ඇප වූ සේක. එසේ කළේ, දෙවියන්වහන්සේට ම බොරු කීම කළ නො හැකි වන වෙනස් නො වන කාරණ දෙකක් මත, ආරක්ෂාව ලබන්නට පලා ආ අපට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව දැඩි ව අල්ලා ගැනීමට ප්‍රබල ධෛර්යයක් ලැබෙන පිණිස ය. ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයට ම පිවිසෙයි.

හෙබ්‍රෙව් 6:10-19 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත. නුමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව. ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්: සැබවින්ම නුඹට බොහෝසෙයින් ආශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් නුඹ වර්ධනයකරන්නෙමියි කීසේක. ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය. සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාදවලදී ස්ථිරකිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය. ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදහත්වූසේක. මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය. ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.

හෙබ්‍රෙව් 6:10-19 Sinhala New Revised Version (NRSV)

මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක. එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්, එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු. තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය. මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්; “සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි, නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි”යි වදාළ සේක. එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේ ය. සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි. එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක. මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.

හෙබ්‍රෙව් 6:10-19 Sinhala New Revised Version 2018 (SNRV)