හෙබ්‍රෙව් 4:1-2 - Compare All Versions

හෙබ්‍රෙව් 4:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින්, උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් වලංගුව තිබියදී, ඔබෙන් යමකු එහි ඇතුළු වීමට අසමත් වේය කියා පෙනේදෝයි බය වෙමු. මන්ද ඔවුනට මෙන් ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත.

බෙදාගන්න
හෙබ්‍රෙව් 4 SCV

හෙබ්‍රෙව් 4:1-2 SROV (Sinhala Revised Old Version)

එබැවින් උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙනේදෝ කියා භයවෙමු. මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 4 SROV

හෙබ්‍රෙව් 4:1-2 NRSV (Sinhala New Revised Version)

එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු. මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 4 NRSV

හෙබ්‍රෙව් 4:1-2 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු. මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 4 SNRV

හෙබ්‍රෙව් 4:1-2 NIV (New International Version)

Therefore, since the promise of entering his rest still stands, let us be careful that none of you be found to have fallen short of it. For we also have had the good news proclaimed to us, just as they did; but the message they heard was of no value to them, because they did not share the faith of those who obeyed.

බෙදාගන්න
හෙබ්‍රෙව් 4 NIV