හෙබ්‍රෙව් 2:10-13

හෙබ්‍රෙව් 2:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සියලු දේ පවතින්නේ කවුරුන් උදෙසා ද, කවුරුන් හේතු කොට ද ඒ තැනැන්වහන්සේ බොහෝ පුත්‍රයින් තේජසට ගෙනෙන කල, ඔවුන්ගේ ගැලවීමේ නිර්මාතෘන් වධ විඳීමේ අත්දැකීම් තුළින් සම්පූර්ණත්වයට පත් ව සිටීම යෝග්‍ය ව තිබිණි. මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එක ම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි. උන්වහන්සේ කියනුයේ, “ඔබගේ නාමය මම මගේ සහෝදරයින්ට ප්‍රකාශ කරමි; සභාව මධ්‍යයයේ ඔබගේ ප්‍රශංසාව ගයන්නෙමි” නැවතත්, “මගේ විශ්වාසය මම උන්වහන්සේ පිට තබන්නෙමි.” නැවතත්, “මෙන්න මමයි, දෙවියන්වහන්සේ මට දුන් දරුවොයි.”

හෙබ්‍රෙව් 2:10-13 Sinhala Revised Old Version (SROV)

කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය. මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදුකරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝයයි කියන්ට ලජ්ජා නොවී: මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශකරන්නෙමි, සභාව මධ්‍යයෙහි ඔබට ප්‍රශංසා ගීතිකාකරන්නෙමියි කියනසේක. නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක.

හෙබ්‍රෙව් 2:10-13 Sinhala New Revised Version (NRSV)

මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි. මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී: “මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි, සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි වදාරන සේක. නැවතත්: “මම උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි”යි කියා ද, යළිත්: “මෙන්න, මමත් දෙවියන් වහන්සේ මට දුන් දූදරුවෝත්” ය කියා ද වදාළ සේක.

හෙබ්‍රෙව් 2:10-13 Sinhala New Revised Version 2018 (SNRV)