හෙබ්‍රෙව් 13:1-18
හෙබ්‍රෙව් 13:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න. ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. ආගන්තුක සත්කාර කිරීමෙන් ඇතමුන් නො දැන ම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත. ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගත ව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විඳින්නන් ද සිහිපත් කරන්න. විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත. මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත් ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ. එබැවින්, නිසැක විශ්වාසයෙන් අපට මෙසේ කිව හැකි ය, “ස්වාමින්වහන්සේ මගේ උපකාරකරුවාණෝ ය; මම බය නො වන්නෙමි. මිනිසා මට කුමක් කරන්න ද?” ඔබට දෙවියන්වහන්සේගේ වචනය කතා කළ නායකයින් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මෙහි ප්‍රතිඵලය සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණ කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය. සියලු ආකාර අමුතු ඉගැන්වීම් මගින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත. මණ්ඩපයේ මෙහෙ කරන්නවුන්ට කන්නට අවසර නැති, පූජාසනයක් අපට තිබේ. උත්තම පූජකයා, පාප පූජාවක් ලෙස ශුද්ධස්ථානවලට සත්ව ලේ ගෙන ගිය ද, උන්ගේ සිරුරු දවා දමනු ලබන්නේ කඳවුරෙන් පිටතදී ය. මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක. එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු. මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු. එබැවින් නිරතුරු ව, උන්වහන්සේ මගින් දෙවියන්වහන්සේ වෙත, උන්වහන්සේගේ නාමය පිළිගන්නා අපේ තොල්වල පලය වන ප්‍රශංසා පූජා ඔප්පු කරමු. යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය. ඔබේ නායකයින්ට අවනත ව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත. අප උදෙසා යාච්ඤා කරන්න. මන්ද හැම දේකදී ගෞරවනීය ව ක්‍රියා කිරීමේ ආශාවෙන් යුතු පැහැදිලි හෘදය සාක්ෂියක් අපට ඇති බැව් අපට සහතික ය.
හෙබ්‍රෙව් 13:1-18 Sinhala Revised Old Version (SROV)
සහෝදර ස්නේහය පවතීවා. ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය. නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න. විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව. දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය. අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොටගෙන අහකට ගෙනයනු නොලබන්න. මක්නිසාද කෑම ගැන ව්‍යාවෘතවූවන්ට ප්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑමවලින් නොව, අනුග්‍රහයෙන් සිත ස්ථිරවීම යහපත්ය. අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත. මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙනයනු ලැබේද, ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටතදී පුළුස්සාදමති. එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක. ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරාගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු. මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත, අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය. එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු. නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක. නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න. අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.
හෙබ්‍රෙව් 13:1-18 Sinhala New Revised Version (NRSV)
සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න. ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ. සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න. විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත. ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ. මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන. දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය. නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය. අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත. මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ. එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය. ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු. සදාතන නුවරක් මිහි පිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවර ය. එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි. යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක. ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ. අප ගැන යාච්ඤා කරන්න. මන්ද, සියල්ලේ දී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතික ය.
හෙබ්‍රෙව් 13:1-18 Sinhala New Revised Version 2018 (SNRV)

හෙබ්‍රෙව් 13:1-18 New International Version (NIV)
Keep on loving one another as brothers and sisters. Do not forget to show hospitality to strangers, for by so doing some people have shown hospitality to angels without knowing it. Continue to remember those in prison as if you were together with them in prison, and those who are mistreated as if you yourselves were suffering. Marriage should be honored by all, and the marriage bed kept pure, for God will judge the adulterer and all the sexually immoral. Keep your lives free from the love of money and be content with what you have, because God has said, “Never will I leave you; never will I forsake you.” So we say with confidence, “The Lord is my helper; I will not be afraid. What can mere mortals do to me?” Remember your leaders, who spoke the word of God to you. Consider the outcome of their way of life and imitate their faith. Jesus Christ is the same yesterday and today and forever. Do not be carried away by all kinds of strange teachings. It is good for our hearts to be strengthened by grace, not by eating ceremonial foods, which is of no benefit to those who do so. We have an altar from which those who minister at the tabernacle have no right to eat. The high priest carries the blood of animals into the Most Holy Place as a sin offering, but the bodies are burned outside the camp. And so Jesus also suffered outside the city gate to make the people holy through his own blood. Let us, then, go to him outside the camp, bearing the disgrace he bore. For here we do not have an enduring city, but we are looking for the city that is to come. Through Jesus, therefore, let us continually offer to God a sacrifice of praise—the fruit of lips that openly profess his name. And do not forget to do good and to share with others, for with such sacrifices God is pleased. Have confidence in your leaders and submit to their authority, because they keep watch over you as those who must give an account. Do this so that their work will be a joy, not a burden, for that would be of no benefit to you. Pray for us. We are sure that we have a clear conscience and desire to live honorably in every way.