හෙබ්‍රෙව් 12:4-6
හෙබ්‍රෙව් 12:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත් ව නැත. පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද? “මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න; උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න; මන්ද ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක; පුත්‍රයකු වශයෙන් පිළිගන්නා සැමට තළන සේක.”
හෙබ්‍රෙව් 12:4-6 Sinhala Revised Old Version (SROV)
නුඹලා පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත. ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.
හෙබ්‍රෙව් 12:4-6 Sinhala New Revised Version (NRSV)
පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න: මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”
හෙබ්‍රෙව් 12:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න: මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”
හෙබ්‍රෙව් 12:4-6 New International Version (NIV)
In your struggle against sin, you have not yet resisted to the point of shedding your blood. And have you completely forgotten this word of encouragement that addresses you as a father addresses his son? It says, “My son, do not make light of the Lord’s discipline, and do not lose heart when he rebukes you, because the Lord disciplines the one he loves, and he chastens everyone he accepts as his son.”