හෙබ්‍රෙව් 11:4-7

හෙබ්‍රෙව් 11:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි. මරණය නො දකින පිණිස, ඒනොක් ඔසවා ගනු ලැබුවේ ඇදහිල්ලෙනි: දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින්, ඔහු හමු නො වී ය. එසේ ගනු ලැබීමට පෙර, ඔහු දෙවියන්වහන්සේ ප්‍රසන්න කළ වගට සාක්ෂි ලැබිණ. ඇදහිල්ලෙන් තොර ව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි. එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතු ව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.

හෙබ්‍රෙව් 11:4-7 Sinhala Revised Old Version (SROV)

ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය. ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය. නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය. ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.

හෙබ්‍රෙව් 11:4-7 Sinhala New Revised Version (NRSV)

ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි. ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැබී ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය. ඔහුගේ තුරන් වීමට පෙර, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබී ය. ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය. ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.

හෙබ්‍රෙව් 11:4-7 Sinhala New Revised Version 2018 (SNRV)