හෙබ්‍රෙව් 1:13-14
හෙබ්‍රෙව් 1:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා විසින් ඔබේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.” ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?
හෙබ්‍රෙව් 1:13-14 Sinhala Revised Old Version (SROV)
නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද? ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?
හෙබ්‍රෙව් 1:13-14 Sinhala New Revised Version (NRSV)
එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද? එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
හෙබ්‍රෙව් 1:13-14 Sinhala New Revised Version 2018 (SNRV)