හග්ගයි 2:16-20
හග්ගයි 2:16-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බුසල් විස්සක ධාන්‍ය ගොඩක් අපේක්ෂාවෙන් ආ කෙනකුට එහි වූයේ දහයක් පමණි. ගැලුම් පනහක් ගන්නට මිදි යුෂ පීප්පය වෙත ගිය කෙනකුට එහි වූයේ විස්සක් පමණි. ඔබේ දෑතේ සියලු වගා වැඩට මම කොළ රෝගයෙන්, පුස්-ලප උවදුරෙන් හා ගල් වර්ෂාවෙන් පහර දුනිමි. එහෙත් ඔබ මා වෙත හැරුණේ නැතැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘අද දවසේ පටන් ඉදිරියට නව වන මස විසිහතර වැනිදා වන මේ දවසේ පටන්, ස්වාමින්වහන්සේගේ මාලිගයේ අත්තිවාරම ලූ දවස ගැන සැලකිල්ලෙන් සිතා බලන්න; කල්පනාවට ගන්න. අටුවල තවමත් බීජ ඉතිරි ව ඇද්ද? මේ දක්වා මිදි වැලේත්, අත්තික්කා ගහේ හා දෙළුම් ගහේත්, ඔලීව ගහේත් පල හට ගත්තේ නැත. “ ‘එහෙත් මේ අද දවසේ පටන් මම නුඹලාට ආශිර්වාද කරන්නෙමි.’ ” මාසයේ විසිහතර වන දින වූ ඒ දවසේ ම ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් හග්ගයි වෙත පැමිණියේ ය
හග්ගයි 2:16-20 Sinhala Revised Old Version (SROV)
යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය. ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. අද දවස වන නවවෙනි මාසයේ විසිහතරවෙනිදා පටන් මත්තට සිතට ගන්න, එසේය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ අත්තිවාරම තැබූ දවසේ පටන් සිතට ගන්න. බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක. තවද මාසයේ විසිහතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය.
හග්ගයි 2:16-20 Sinhala New Revised Version (NRSV)
කිලෝග්‍රෑම් දෙසියයක් ලබන අදහසින් ධාන්‍ය ගොඩක් වෙත ගිය නමුත් නුඹලාට ලැබුණේ කිලෝග්‍රෑම් සියයක් පමණ ය. මිදියුස ලීටර් දෙසියයක් තටාකයකින් ඇදගන්න පිණිස ගිය විට ලැබුණේ සියයක් පමණ ය. නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. නව වන මාසයේ විසිහතර වන දා වන, දේව මාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේ දී නුඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න. අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද් ද? එසේ ම මිදි වැල්වලත් අත්තික්කා ගස්වලත් දෙළුම් ගස්වලත්, ඔලීව ගස්වලත් පල හටගෙන ඇද් ද? නැත. අද පටන් මම නුඹලාට ආශීර්වාද කරන්නෙමි.” එම දවසේ දී ම එනම්, එම මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ හග්ගයිට දෙ වන වරට පණිවුඩයක් දෙමින් මෙසේ වදාළ සේක
හග්ගයි 2:16-20 Sinhala New Revised Version 2018 (SNRV)

හග්ගයි 2:16-20 New International Version (NIV)
When anyone came to a heap of twenty measures, there were only ten. When anyone went to a wine vat to draw fifty measures, there were only twenty. I struck all the work of your hands with blight, mildew and hail, yet you did not return to me,’ declares the LORD. ‘From this day on, from this twenty-fourth day of the ninth month, give careful thought to the day when the foundation of the LORD’s temple was laid. Give careful thought: Is there yet any seed left in the barn? Until now, the vine and the fig tree, the pomegranate and the olive tree have not borne fruit. “ ‘From this day on I will bless you.’ ” LORD The word of the LORD came to Haggai a second time on the twenty-fourth day of the month