හග්ගයි 1:5-7
හග්ගයි 1:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් දැන් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු. නුඹලා බොහොමයක් වැපුරූ නමුත්, ලද්දේ ස්වල්ප අස්වැන්නකි. නුඹලා අහර බුදින නමුත්, කිසි විටෙකත් සෑහීමට පත් නො වේ; නුඹලා පානය කරන නමුත්, කිසි විටෙක සංසිඳීමක් නැත. නුඹලා ඇඳුම් ඇඟලන නමුත්, උණුසුම නො ලැබේ. නුඹලා මුදල් උපයන්නේ, හිල් පසුම්බියක දමන්නට ය.” සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “එබැවින් නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු.
හග්ගයි 1:5-7 Sinhala Revised Old Version (SROV)
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න. නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න.
හග්ගයි 1:5-7 Sinhala New Revised Version (NRSV)
නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න. නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය. සර්ව පරාක්රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.
හග්ගයි 1:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න. නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය. සර්ව පරාක්රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.
හග්ගයි 1:5-7 New International Version (NIV)
Now this is what the LORD Almighty says: “Give careful thought to your ways. You have planted much, but harvested little. You eat, but never have enough. You drink, but never have your fill. You put on clothes, but are not warm. You earn wages, only to put them in a purse with holes in it.” This is what the LORD Almighty says: “Give careful thought to your ways.